රුපියල් විසිදහසකින් නිම කළ හැකිව තිබූ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය යනුවෙන් සඳහන් වන නාම පුවරුවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලන සමයේදී රුපියල් එක් ලක්ෂ හැට හය දහස (1,66,000)ක් වැය කිරීමට අනුමතය දුන්නේ කෙසේ දැයි පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය යන නාම පුවරුව වෙනුවට පාසල් තාක්ෂණ විද්‍යාගාරය යන නමින් එම ප්‍රමාණයේම පුවරුවකට ඉකුත් දින සියයේ ආණ්ඩු කාලයේදී වැය කෙළේ රුපියල් 20,000ක් පමණකැයිද ඇමැතිවරයා කීය.
එවැනි මුදලකින් නාම පුවරුව නිම කළ හැකිව තිබියදී 1,66,000ක් වැනි ඉහළ මිලක් ගෙව්වේ කාගේ අනුමැතියෙන් දැයි සොයන බවද හෙතෙම කීය. ඒ අනුව එක් නාම පුවරුවක් වෙනුවෙන් රුපියල් 1,46,000ක් වැඩිපුර අනුමත කර තිබේ. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 1000ක් ඉදිකිරීමට පසුගිය රජය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි.