ඊයේ සහ පෙරේදා මාධ්‍ය ගණනාවක් ඔස්සේ ප්‍රචාරය වූ පුවතකින් කියැවුනේ හිටපු ජනාධිපති හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හට කැබිනට් ඇමතිකමකට සමාන තනතුරක් පිරිනමන්නට රජයේ පවතින සූදානමක් පිළිබඳවයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහමැතිවරණයේදී දුන් පොරොන්දුවක් ඉෂ්ට කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ක්‍රමය හඳුන්වාදී ඇති බවත් දිස්ත්‍රික් 22 ක ජයග්‍රහණ අනුපාතය අනුව එජාපයට සභාපති ධූර 14 ක් ද, එජනිසට 11 ද වශයෙන් හිමිවීමට නියමිත බැවින් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමට යන බව එම වාර්තා වලින් කියැවුණා.
කැබිනට් අමාත්‍ය ධුරයකට සමාන බලතල සහ පහසුකම් මෙහිදී හිමිවන බවටද වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙවැනි දෙයක් තමාට දන්වා නැති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ලංකාදීප පුවත්පත අමතා ඊයේ ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එවන් දෙයක් දන්වා සිටියත් එවැනි තනතුරක් භාරගන්නට තමන් සූදානම් නැති බවද ඔහු වැඩිදුරටත් කියා ඇත.
