පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම වැටුප් වැඩිවීම ලබාදීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙන බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මෙම පනත සම්මත කිරීමෙන් අනතුරුව මෙම වැටුප් වැඩිවීම නොදෙන හාම්පුතුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.
පෞද්ගලික අංශය නියෝජනය කරන වෘත්තීය සමිති විසින් කරන ලද අරගල සහ ලිඛිත ඉල්ලීම්වලින් අනතුරුව රුපියල් 2500ක වැටුප් වැඩි වීමක් දීමට පැවැති රජය තීරණය කර තිබිණ.
මේ අනුව මෙම වර්ෂයේ රුපියල් 1500ක්ද, ලබන වර්ෂයේදී ඉතිරි රුපියල් 1000ද දීමට කටයුතු කරන බව රජය පවසා තිබිණ.
