කැළණි ගඟේ ජලයට ආසනික් මිශ‍්‍ර වී ඇති බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි පරිසරවේදීන් පවසයි.සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේ කැළණි ගෙඟ් ස්ථාන කිහිපයකින් ජල සාම්පල ලබා ගෙන සිදුකළ පරික්‍ෂණවලදී එය තහවුරු වු බවයි.
ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී කැළණි ගඟේ අඹතලේ, කඩුවෙල පාලම, කළුපාලම නැමැති ප‍්‍රදේශවල සියයට සියයක් ආසනික් තත්ත්වයන් වාර්තා වෙන බව හෙතෙම පැවසිය.එම තත්ත්වය පරිසර පද්ධතියටම දැඩි හානියක් මෙන්ම මෙම ජලය භාවිතා කරන ජනතාවට පසුකාලීනව වකුගඩු රෝගයන්ට ගොදුරුවීමේ අවදානමක්ද ඇති බවත් ඔහු පැවසිය.
කැළණි ගඟේ ජලයට ආසනික් මිශ‍්‍රවන ආකාරය සම්බන්ධයෙන් ද රවින්ද්‍ර කාරියවසම් මහතා කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ, වර්ෂාව වැඩි කාලවලදී ඒ ආශ‍්‍රිත කර්මාන්ත ශාලාවලින් ඔහුන්ගේ අපද්‍රව්‍ය කැළණි ගඟට ඝෘජුව බැහැර කරන බවයි. එම නිසා වර්ෂාව වැඩි කාලවලදී කැළණි ගෙඟ් ආසනික් තත්ත්වය ඉහළ යන බවත් ඔහු පැවසිය.
බියගම ප‍්‍රදේශයේ පිහිටි ‘කොකා කෝලා’ කර්මාන්ත ශාලාවෙන් බැහැර කෙරෙන ඉන්ධන වර්ගයක් කැළණි ගඟට මිශ‍්‍රවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කථා බහක් නිර්මාණය වී ඇත.කෙසේවෙතත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධියෙන් සිදුවු පාඩුව පියවා ගැනීමට මේ වන විට තීරණය කර ඇති බවයි. ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය වැනි ආයතන කිහිපයකට මෙමඟින් පාඩු සිදුවිය.
[…] කැළණි ගඟේ ජලයේ ආසනික්. […]