• Sat. Jan 28th, 2023

ඇත්ත කතා කරන දේශපාලකයන් රටට අවශ්‍යයි – මල්වතු මහ නාහිමි

thibbatuwawe sumangala

‘ජනතාව අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් දේශපාලකයන් කටයුතු නොකළ යුතු බවත්,ඇත්ත කතා කරන දේශපාලකයන් රටට අවශ්‍ය බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන් මහතා ඊයේ (10 දා) උන්වහන්සේ බැහැදුටු අවස්‌ථාවේ ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ගලගම ශ්‍රී අත්ථදස්‌සි හිමියෝ පවසා ඇත්තේ
මේ තරම් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පත්කර තිබෙන්නේ මොන ආණ්‌ඩුක්‍රමයකට ද? මේ තරම් විශාල ඇමැතිවරුන් පිරිසක්‌ පත්කරගෙන සිටින්නේ කුමකට ද කියා තමන්ට තේරෙන්නේ නැතැයිද,එම කාරණය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්ය.

අලුතෙන් පත්වුණු සමහර ඇමැතිවරුන්ටත් චෝදනා එල්ල වී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ කෙසේ වුවත් ඇමැති මනෝ ගනේෂන් මහතා ගැන නම් සතුටු විය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

“මට ඔබ ගැන සතුටුවන්න පුළුවන්. සෑම දෙනාම සමඟියෙන් කටයුතු කිරීම අවශ්‍ය බව කියන ඔබ ගැන අපි සතුටු වෙනවා යෑයි ද උන්වහන්සේ පැවසූහ.

“එකල ඩී. එස්‌. සේනානායක මහතා ඇතුළු නායකයන් කටයුතු කළ ආකාරය ගැන සතුටු වෙන්ට පුළුවන්. ඩී. එස්‌. සේනානායක මහතා ඔක්‌ස්‌වර්ඩ් ගියේ නැහැ. නමුත් හොඳ දැනුමක්‌, මොළයක්‌ තිබුණා’යි පැවැසූ උන්වහන්සේ රාමනාදන්, පොන්නම්බලම්, ඩී. බී. ජයතිලක වැනි නායකයන් සමඟ ඩී. එස්‌. සේනානායක මහතා සමඟිව කටයුතු කළ බව ද කියා සිටියහ.

ඇමැති මනෝ ගනේෂන් මහතා අදහස්‌ දක්‌වමින් භේද නොසලකා සැවොම එකමුතුව කටයුතු කිරීම අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද තමාට විශ්වාස බවත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *