වසර පහක් ගතවීමට පෙර හෝ 2020 වර්ෂයට පෙර වත්මන් ආණ්ඩුව පෙරළීමට හෝ වෙනස් කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9 දා) නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීමේ උත්සවයේදී පැවසීය.
නව ආණ්ඩුවේ සංයුතිය සහ පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඇතැමුන් මෙම ආණ්ඩුව වැඩිකල් නොපවතින බව කියා සිටියත් රටේ ජනාධිපති ලෙස තමන් පැහැදිලිවම කියා සිටින්නේ වසර පහක ආණ්ඩු කාලයකට පෙර “අඩුබර උපතක්” බලාපොරොත්තු නොවෙන ලෙස යෑයිද ජනාධිපතිවරයා කියා සිටියේය.
එබැවින් කවුරු කුමක් කිව්වත් තමන් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවූවා සේම එය නිසි කලට පෙර පෙරළීමට ඉඩ ලබා නොදෙන බව ස්ථීර යැයිද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.