• Mon. Feb 6th, 2023

පැරදුනේ මහජනතාවද..? – පසු විපරම

pasuwiparama

වංචාව (සංවර්ධන ව්‍යාපෘති මගින් කොමිස් ලබා ගැනීම), දූෂණය, භීෂණය, සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍ය නිදහස් අහිමි කිරීම, පුද්ගල ඝාතන සහ අතුරුදහන් කිරීම් සිදුවීම, පවුල් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම ( කථනයේ සහ භාෂණයේ නිදහස අහිමි කිරීම), ස්ත්‍රී දූෂණ සහ බාල වයස් දරු දැරියන් අපයෝජනය කිරීමේ සිදුවීම් ඉහළ යාම හා පැවති සන්ධාන ආණ්ඩුවේ ප්‍රාදේශිය දේශලපාලනඥයන් වැඩි වශයෙන් එයට දායක වීම වැනි කරුණු ගණනාවක්ද එතනෝල්, කුඩු වැනි මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒමේදී පැවති ආණ්ඩුවේ ප්‍රබල චරිත සම්බන්ධ වී සිටීමද කැසිනෝ වැනි වංචාකාරී ව්‍යාපෘති සඳහා ආයෝජකයන් කැඳවීමේ සිදුවීම්ද ජාතිවාදය ආගම්වාදය වැපිරවීම ඇතුළු රාශියක් කරුණු මත පදනම් වෙමින් පැවති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව සමාජයෙන් දැඩි ලෙස විවේචන එල්ල විය.

මහින්ද රාජපක්ෂට පමණක් නොව ඔහුගේ කැබිනට් මණ්ඩලයටද එම විවේචනය එල්ල විය.

කැසිනෝ පනත ගෙන එන අවස්ථාවේ පහත නම් සඳහන් සියලුම දෙනා එම ආණ්ඩුවේ ඉහළ තනතුරු දැරූවන් වූ අතර විපක්ෂයේ පක්ෂවල දැඩි විරෝධය හමුවේ ඔවූහු එම පනත සම්මත කරගත්හ.

එමෙන්ම 17වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 18වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවූවේද මෙම පිරිස එකට සිටිමිනි.

මෙම සිදුවීම් සියල්ල එක පෙළකට ගලාගෙන යමින් තිබියදී විපක්ෂ පක්ෂ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ එල්ල කළ දැඩි ප්‍රහාරයත් එයට එක් වූ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රහාරයත් විපක්ෂයේ අනෙකුත් පක්ෂවල ප්‍රහාරයත් හමුවේ දිනෙන් දින මහින්ද රාජපක්ෂත් ඔහුගේ කැබිනට් මණ්ඩලයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පරිහානියට පත් වන්නට විය.

එහිදී විශේෂයෙන්ම ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලනය නියෝජනය කළ එස්.බී. දිසානායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, ටී.බී. ඒකනායක, ප්‍රියංකර ජයරත්න, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුසන්ත පුංචිනිළමේ, අනුරාධ ජයරත්න සහ ඔහුගේ පියා හිටපු අගමැති දි.මූ. ජයරත්න, නිශාන්ත මුතුහෙට්ටිගම, අරුන්දික ප්‍රනාන්දු වැන්නවුන්ට විරුද්ධව ඉතා බරපතළ චෝදනා එල්ලවිය.

එම චෝදනා ලද්දවුන් නොඑසේනම් මහින්ද රාජපක්ෂ පාලනය පරිහානියට ලක්වීමේ දී ඊට පාරකපමින් කටයුතු කළ මෙවැන්නන් වත්මන් යහපාලන ආණ්ඩුවේ ඇමති ධුර දැරීම රාජපක්ෂ ආණ්ඩුවත් ඔවුන්ගේ ක්‍රියාකලාපයත් පරාජය කළ ජනතාවගේද ඊට අවශ්‍ය සමාජ මතය නිර්මාණය කළ පිරිසේද විමතියට කරුණක් වී තිබේ.

මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයත් සන්ධානයත් එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට යන බව පසුගිය මහ මැතිවරණ සමයේ “දේශයේ හෘදසාක්ෂිය“ යනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වූ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ වේදිකාවල මනාව පැහැදිලි කරමින් කියා සිටියේය. එහෙත් ඒ මොහොතේ එය විශ්වාස නොකළ බොහෝ දෙනා මේ වනවිට පශ්චාත්තාපවෙමින් සිටිති.

පසුගිය මහ මැතිවරණයේදීද ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ප්‍රචාරක කාර්යාල විනාශ කළ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉතා තදින් අවලාද නැගූ සන්ධානයේ මන්ත්‍රීවරුන්ටද කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ධුර හිමිවී තිබේ. එය ගම්මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයා තවදුරටත් බෙලහීන කිරීමක් බවට පත්ව ඇති අතර එය ඔවුන්ගේ ආත්මාභිමානයට එල්ල කළ තදබල ප්‍රහාරයක්ද ද වී තිබේ.

රාජපක්ෂ පාලනයේ පරිහානියට පාර කැපූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංස, ප්‍රේමලාල් ජයසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, ගීතා කුමාරසිංහ, පවිත්‍රා දේවී වන්නිආරච්චි, මනූෂ නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, වීරකුමාර දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන. සාලින්ද දිසානායක, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, විමලවීර දිසානායක වැන්නන් මන්ත්‍රීවරුන් ලෙස ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවා ඇති අතර ඉදිරියේදී ඔවුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ලෙස වරප්‍රසාද සහිතව කටයුතු කරනු ඇත.

ඔවුන්ට ඇමති ධුර හිමි නොවූවද මින් බොහෝ අයට ඇමති බලතල සහිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය ලැබීමට නියමිතය.

සන්ධාන ආණ්ඩුවේ සිටි, වත්මන් ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ධුර ලබා ගත් පිරිස පහතින් දැක්වේ.

කැබිනට් ඇමති ධුර හිමිවූවන්

01. නිමල් සිරිපාල ද සිල්වා. 02. එස්. බී. දිසානායක. 03. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න. 04. අනුර ප්‍රියදර්ශන යාපා. 05. සුසිල් ප්‍රේමජයන්ත. 06. මහින්ද සමරසිංහ. 07 මහින්ද අමරවීර. 08 දුමින්ද දිසානායක. 09. රංජිත් සියඹලාපිටිය. 10. චන්දිම වීරක්කොඩි. 11. දයාසිරි ජයසේකර.

රාජ්‍ය ඇමති ධුර හිමිවූවන්

12. ටී.බී. ඒකනායක. 13. ප්‍රියංකර ජයරත්න. 14. ඩිලාන් පෙරේරා. 15. ලක්ෂ්මන් යාපා අබේවර්ධන. 16. ඩිලාන් පෙරේරා. 17. ඒ.එච්.එම්.පවුසි. 18. මොහාන් ලාල් ග්‍රේරු.

නියෝජ්‍ය ඇමති ධුර හිමිවූවන්

19. සුමේධා ජී ජයසේන. 20. සුසන්ත පුංචිනිළමේ. 21. ලසන්ත අලගියවන්න. 22. ඉන්දික බණ්ඩාරනායක. 23. දුලිප් විජේසේකර. 24. ලක්ෂ්මන් වසන්ත පෙරේරා. 25. නිශාන්ත මුතුහෙට්ටිගම. 26. අරුන්දික ප්‍රනාන්දු. 27. තාරානාත් බස්නායක. 28. නිමල් ලංසා. 29. සිරිපාල ගම්ලත්. 30. අනුරාධ ජයරත්න.

සන්ධානයේ සිට එක්සත් ජාතික පෙරමුණට එකතු වූ පසු ඇමති තනතුරු හිමිවූවන්

31. රාජිත සේනාරත්න (කැබිනට්). 32. පාඨලී චම්පික රණවක (කැබිනට්). 33. එස්.බි නාවින්න (කැබිනට්). 34. නවීන් දිසානායක (කැබිනට්). 35. එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන (කැබිනට්). 36. පලනි දිගම්බරන් (කැබිනට්). 37. රවුෆ් හකීම් (කැබිනට්). 38. රිෂාඩ් බදුර්දීන් (කැබිනට්). 39. වසන්ත සේනානායක (රාජ්‍ය).

 

(ලංකාටෘත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *