ඉදිරියේදී වාහන මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ රුපියලේ අගය අවප්රමාණය වීම හේතුවෙන් බවයි තොරතුරු වාර්තා වන්නේ.
අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 140ක ආසන්න අගයකට පැමිණීම ඊට බළපා ඇති අතර එම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් වාහන මිල සියයට 8කින් පමණ ඉහළ යන බවට විශ්වාස කෙරෙයි.
මේ අතර සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු කුඩා මෝටර් රථයක මිල ද රුපියල් 75,000 ත් ලක්ෂයත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි ද වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ජපානයෙන් ආනයනය කරන වෙළෙඳපොළෛ් සුලභ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 3 ත් 4 ත් අතර ප්රමාණයකින් ඉහළ යනු ඇති.