බුද්ධි පරීක්ෂණයකට මුහුණ දී අයින්ස්ටයින් සහ ස්ටීවන් ලබාගත් ලකුණු 160ට වඩා ලකුණු 2ක් ලබා ගනිමින් පාසල් දැරියක් පෙරමුණට පැමිණ තිබේ.
ලොව මෙතෙක් බිහි වූ බුද්ධිමත්ම විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාව අභිබවා ඇත්තේ වයස අවුරුදු 12ක පාසැල් දැරියකි.
බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ උපන් ලිඩියා සෙබස්තියන් නම් වූ මෙම දැරිය මෙන්සා ආයතනය මඟින් පවත්වන බුද්ධි පරීක්ෂණයකට මුහුණ දුන් පසුව මෙම වාර්තාව තබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
මීට පෙර මෙම බුද්ධි පරීක්ෂණයට මුහුණ දුන් ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාම ලබාගෙන ඇත්තේ ලකුණු 160 ක් පමණයි.
ලින්ඩා ලකුණු 162ක් ලබාගෙන එම පරීක්ෂණයෙන් ලොව පුද්ගලයෙකු ලබා ගත් වැඩිම ලකුණු අගය වාර්තා කර තිබේ.
ඒ අනුව ලොව බුද්ධිමත්ම පුද්ගලයා වයස අවුරුදු 12ක පුංචි ලිඩියා වනු ඇත.