• Thu. Feb 2nd, 2023

ගිය ආණ්ඩු සමයේ සිදුවූ ඝාතන සිද්ධි රැසක් එළියට.

muders in former govement

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, මුතූර් හිදී සිදුවු සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය, කැබිතිගොල්ලෑවේ සාමාන්‍ය වැසියන් 68 දෙනාගේ ඝාතනය, දිගම්පතන ආරක්ෂක අංශ සාමාජිකයන් 98 දෙනාගේ ඝාතනය ආදි සිදුවීම් ගණනක් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කිරීමට වත්මන් රජය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද්ධය පැවැති කාලසීමාවේ ඝාතන සිදුවීම් 16 ක් පිළිබඳ සොයා බැලීමට 2006 දී පත්කළ කොමිසමේ සහ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට 2013 දී පත්කළ කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ.

පළමු විශේෂ ජනාධිපති කොමිසම උදලාගම කොමිසම යන නමින්ද, දෙවැන්න මැක්ස්වෙල් පරණගම කොමිසම නමින්ද ප්‍රසිද්ධියට පත්ව ඇත.

උදලාගම කොමිසමේ වාර්තාව 2009 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී ඇතත්, එය මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවිය.

අතුරුදන්වූවන් පිළිබඳ වාර්තාව :

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් වාර්තාව ද සකස් කර අවසන් අතර, එය වත්මන් ජනාධිපතිවරයාට භාරදීම සඳහා දිනයක් ඉල්ලා තිබෙන බව එහි සභාපතිවරයා පැවසිය.

විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම සභාපතීත්වය දැරූ පළමු කොමිසමට භාර වූයේ ඝාතන සිද්ධීන් 16 ක් පිළිබඳව පරීක්ෂා කිරීමය.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, මුතූර් හිදී සිදුවු සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය, කැබිතිගොල්ලෑවේ සාමාන්‍ය වැසියන් 68 දෙනාගේ ඝාතනය, දිගම්පතන ආරක්ෂක අංශ සාමාජිකයන් 98 දෙනාගේ ඝාතනය ආදි සිදුවීම් ඊට අයත්විය.

රජයට එල්ල වූ චෝදනාවක්:

කෙසේ වෙතත්, මෙම කොමිසම සම්බන්ධයෙන් රජයට එල්ල වූ චෝදනාවක් වූයේ මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබානොදීම සහ සාක්ෂිකරුවන්ගේ හා වින්දිතයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා නොදීමයි.

පසුව මානව හිමිකම් ක්‍රියාධරයන් වන සංවිධාන කිහිපයක් අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් මැදිහත්වීමට අවසර ඉල්ලා තිබිණ.

එහෙත් පසුව ඔවුන් ඉන් ඉවත් විය.

ඒ පිළිබඳව පැහැදිලි කරන එසේ මැදිහත්ව සිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා කියා සිටියේ, විවිධ පාර්ශවයන් පක්ෂග්‍රාහීත්වය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා නිසා ඉන් ඉවත් වූ බවයි.

2013 වසරේ පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමට පැවරූ කාර්ය භාරයක් වන්නේ අවසන් යුද සමයේදී ජාත්‍යන්තර මානුෂීය නීති කඩ වූවා ද යන්න සොයා බැලීමයි. මේ පිළිබඳව සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *