• Sat. Jan 28th, 2023

ජාතිවාදී උතුරේ මහඇමැති ඉවත් කිරීමේ සූදානමක්

cv wigneshwaran

උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරනවා.මෑතකදී පැවැත්වූ පළාත් සභා දෙමළ ජාතික සන්ධාන කණ්ඩායම් රැස්වීමේදී විග්නේෂ්වරන් මහතාට ඉවත් වන ලෙස බහුතරයක් මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙන නමුත් ඒ මහතා ඊට නිසි පිළිතුරක්ලබ දී නැතැයිද එම දේශපාලන ආරන්චි මාර්ග සඳහන් කරන්නේ.පසුගියදා පැවැත්වූ මහ මැතිවරණයේදී විග්නේෂ්වරන් මහතා පක්ෂයට සහයෝගය නොදැක්වීමත් පක්ෂයේ කටයුතු විවේචනය කිරීමත් පිළිබඳ මේ මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.

උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස්. තවරාසා මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ටී. එන්. ඒ. කණ්ඩායම් රැස්වීමේදී විග්නේෂ්වරන් මහතාට ඉවත් වන ලෙස සමහර පක්ෂ සාමාජිකයන් ඉල්ලා සිටි බව දැන ගැනීමට ලැබුණු බව පැවසීය. ටී. එන්. ඒ. පක්ෂය තුළ සිදුවන බල අරගලවලට විපක්ෂය ලෙසින් තමන් සම්බන්ධ නොවන බවත් මහ මැතිවරණයේදී පක්ෂයට උදව් නොකළ නිසා ටී. එන්. ඒ. මන්ත්‍රීවරුන් බහුතරයක් විග්නේෂ්වරන් මහතා පිළිබඳව කලකිරීමෙන් සිටින බවත් තවරාසා මහතා කීය.

සමහරුන් දෝෂාභියෝගයක් ගෙන ඒම‍ට යෝජනා කළද එමගින් මහ ඇමැතිවරයකු ඉවත් කිරීමට නොහැකි බවත් ඒ මහතා කීය.

විග්නේෂ්වරන් මහතා මහ ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට හැකි එකම මග වනුයේ පළාත් සභාවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අස්සනින් යුතුව උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම බවත් තවරාසා මහතා කීය.

එවැනි තීරණයක් ගතහොත් විග්නේෂ්වරන් මහතාට එයට එරෙහිව අධිකරණයේ පිහිට පැතිය හැකි බවත්, පළාත් සභා ඡන්දයට පෙර විග්නේෂ්වරන් මහ ඇමැති ධුරයට පත් කරන බවට ටී. එන්. ඒ. පක්ෂය පැවසූ අතර ජනතාව එයට ඡන්දය දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

විග්නේෂ්වරන් මහතා මහ ඇමැති ලෙස පත් කිරීමට කැප වූයේ ටී. එන්. ඒ. සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය බව විග්නේෂ්වරන් මහතාට දැන් අමතක වී ඇතැයි ටී. එන්. ඒ. පාර්ලිමේන්තු කණ්ඩායම් නියෝජ්‍ය නායක මාවයි සේනාධිරාජා මෑතකදී විදේශ මාධ්‍යවලට පවසා තිබිණි.

මෙවර මහ මැතිවරණයට තරග කළ ටී. එන්. ඒ. අපේක්ෂක කණ්ඩායමට සහය පළ කරන එකම ප්‍රකාශයක්වත් නිකුත් කිරීමට විග්නේෂ්වරන් මහතා ක්‍රියා නොකළ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

ඔහු කළ ඇතැම් ප්‍රකාශවලින් පැහැදිලි වූයේ ටී. එන්. ඒ. පක්ෂයට විරුද්ධ මතයක් දරන බවද සේනාධිරාජා මහතා සඳහන් කර තිබිණි.

2013 ඔතෝම්බර් 07 දින සී. වී. විග්නේෂ්වරන් මහඇමැති ධුරයට පත් වූ අතර ඔහු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *