• Mon. Jan 30th, 2023

මාලබේ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිකිරීම නුසුදුසු බව කියද්දී නවක සිසුන් බඳවා ගැනීම රෝගී ජීවිත අවදානමකට පත්කිරීමක්‌

malabe medical college
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍යවරුන් බිහිකිරීමට සුදුසු ස්‌ථානයක්‌ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයත්, වෛද්‍ය සභාවත් කිහිප වරක්‌ නිර්දේශ කර තිබියදී ඊට නවක සිසුන් බඳවා ගැනීම රෝගී ජීවිත අවදානමකට ලක්‌ කිරීමක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.

ප්‍රමිතියෙන් මෙන්ම ගුණාත්මක භාවයෙන්ද තොර මෙම ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ඉදිරියේදී දැඩි පියවරක්‌ ගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ඊයේ (11 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

වෛද්‍ය නලින්ද හේරත් මහතා මෙසේද කීය.

“මෙරට වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතිය හා ගුණාත්මක භාවය පවත්වා ගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ වෛද්‍ය සභාවට. රටේ ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිරන්තරයෙන් දැඩි විමසිල්ලෙන් පසුවෙති.පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ලෙස 2008 දී හඳුන්වා දුන් මාලබේ වෛද්‍ය විද්‍යාලය මගින් බිහිවන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතියෙන් හෝ ගුණාත්මකභාවයක්‌ බලාපොරොත්තු විය නොහැකි බව අප දිගින් දිගටම පෙන්වා දුන්නා. මේ පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක්‌ සකස්‌ කළා. නමුත් විවිධ දේශපාලනික හා පුද්ගලික න්‍යාය පත්‍ර මත කටයුතු කළ පිරිස තම ලාභ හා වාසි තකා කටයුතු කළ නිසා වෛද්‍ය විද්‍යාලයක්‌ බව කියා ගන්නා මේ ආයතනය මේ වනවිට වංචනිකව සිසුන් 900 ක්‌ මුළාකර මුදල් අයකරගෙන තිබෙනවා.

මෙය සක්‌විති පන්තියේ ආයතනයක්‌ මිස වෛද්‍යවරුන් බිහි කිරීමට සුදුසු ස්‌ථානයක්‌ නොවේ. ඒ බව අප එවක සෞඛ්‍ය ඇමැති, අද ජනාධිපති මෛත්‍රීපාල මහතාටත් එදා පෙන්වා දුන්නා. ඒ අනුව එතුමා මේ ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්‌ පත්කළා. ඒ කමිටුවේ මතය වුණේ මෙය වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට සුදුසු නොවන ආයතනයක්‌ බවත් සෞඛ්‍ය අමාත්‍යාශය දැනුම් දෙනතුරු යළි සිසුන් ඇතුළත් කර ගැනීම නොකළ යුතු බවයි.මෙම වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට සුදුසු ආයතනයක්‌ නොවන බවට වෛද්‍ය සංගමය අවස්‌ථා ගණනාවකදී පුවත්පත් දැන්වීම් පළ කළා. මේ ආයතනයේ තත්ත්වය පරීක්‍ෂා කිරීමට මෑතකදී යළිත් වරක්‌ වෛද්‍ය සභාව කමිටුවක්‌ පත් කළා.

එම කමිටුව නිර්දේශ කළේත් මෙම ආයතනය වෛද්‍යවරුන් බිහිකිරීමට සුදුසු ස්‌ථානයක්‌ නොවේ කියා. ඒ අනුව වෛද්‍ය සභාව විසින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය රැකීමට පැවරී ඇති වගකිම සාධනීය ලෙස ඉටුකර තිබෙනවා.තත්ත්වය මෙසේ තිබියදී මෙම පුද්ගලික වෛද්‍ය ආයතනය තවදුරටත් සිසුන් බඳවා ගැනීම සිදුකරනවා. ඒ පිළිබඳව වෛද්‍ය සභාව පියවරක්‌ ගත යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *