විරෝධාර රණවිරුවන්ගේ ලෙයින් එක්සේසත් කළ රට දෙකඩ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තාවේ.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රණවිරුවන්ගේ අසීමිත කැපවීම, දැනුම, බුද්ධිය සහ අත්දැකිම් එදා රට වෙනුවෙන් ලබා නොදුන්නේ නම් දෙකඩ වූ රටක් උරුමවීමට ඉඩ තිබූ බවයි.
එබැවින් එම අසීමිත කැපවීම අවතක්සේරු කිරිමට වත්මන් රජය කිසිසේත් සූදානම් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ නිවාස 100 ක යතුරු ප්රදානය කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ ආරක්ෂක සේනා විද්‍යාලයීය ශ්රවණාරයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කර සිටියා.
මේ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමෙන් විපතට පත් ප්‍රදේශවලට පානීය ජලය සැපයිමට වහාම පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා නිළධාරින්ට උපදෙස් දී ඇති බවට වාර්තාවේ.