ඩී ඒ රාජපක්ෂ පදනම විසින් රජයේ මුදල් භාවිතා කරමින් ගොඩනැගූ රාජපක්ෂ පවුලේ ස්මාරකය වෙනුවෙන් වැයකළ මුදල් යළි රජයට ගෙවන ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
මෙම සමරු ස්මාරකය හා කෞතුකාගාරය හිටපු ජනපතිවරයාගේ මව්පියන්ගේ සොහොන් ගැබ සමගයි නිර්මාණය කර තිබුණේ.ඒ වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට වැයව ඇති මුදල් රුපියල් කෝටි අටහමාරක්.
රජයේ මුදල් භාවිතා කරමින් පුද්ගලික කටයුතු සිදුකිරීම වරදක් බැවින් එම මුදල් වහාම නැවත ගෙවන ලෙසයි මේ හරහා ඩී ඒ රාජපක්ෂ පදනමට දැනුම්දී ඇත්තේ.
මෙම මුදල ගෙවා දමන බවට බසුගිය මැතිවරණයට පෙර අදාළ පදනමද සදහන් කර තිබුණා.
එහෙත් මෙතෙක් එම මුදල ගෙවීමට පියවර ගෙන නැහැ.
මෙම සොහොන් ගැබ සහිත ස්මාරකය ඒ සී පහසුකම් වලින්ද සමන්විතව ඉදිකර තිබීම විශේෂත්වයක්.
