නව රජය බලයට පත් වූ පසු මෙරට ඉන්ධන මිල ගණන් විශාල ලෙස පහත හෙළීම නිසා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල මොන තරම් පහළ ගියත් තවත් මාස හයක් ගතවන තුරු මෙරට ඉන්ධන මිල පහත හෙළීමට නොහැකි යැයි තෙල් සංස්ථාව පවසයි.
දැනට ලෝක වෙළෙඳ පොළ බොර තෙල් බැරලයක මිල ඩොලර් තිස් ගණනකට පහත බැස තිබුණ ද එහි වාසිය ජනවාරි 08 වැනිදායින් පසුව බලාපොරොත්තු වූවාටත් වඩා ජනතාවට හිමි වූ බවද සංස්ථාව පවසයි.
තෙල් මිල අඩු කිරීම මගින් සිදුවන්නේ ජනතාව වැඩිපුර ඉන්ධන පරිභෝජනය කිරීම බවත් හරිනම් කළ යුත්තේ තෙල් මිල ගණන් අඩු වූ විට ඉන් විදුලි ජනනය කිරීම වැනි ක්රියාමාර්ගවලට අවතීර්ණවීම බවත් සංස්ථා ප්රකාශකයෙක් සඳහන් කළේය.
තෙල් මිල පහත හෙළීමෙන් ජනතාව අත මුදල් ඉතිරි වෙනවා වෙනුවට සිදුවන්නේ වාහන ධාවනය වැඩි වී ඉන්ධන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩිවීම යැයි ද එම ප්රකාශකයා පැවැසීය.