කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ දී සෙනසුරාදා (12) අතුරුදහන් වූ පස් හැවිරිදි සේයා සඳෙව්මි නැමැති දැරියගේ සිරුර හමු වී තිබේ. දැරිය සොයා පරීක්ෂණ සිදුකළ පොලිසියට අද පෙරවරුවේ ඇගේ නිරුවත් මළ සිරුර එම ප්‍රදේශයේ අකරංගහ සමූපකාරය ඉදිරිපිට අරවින්දවත්ත ඇළ ඉවුරකින් හමුවී ඇත. දැරිය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.