• Fri. Feb 3rd, 2023

කේපීට,ගෝඨාට නඩු බෑ කී නීතිපතිගේ ඊලග ජනතාද්‍රෝහී ක්‍රියාව මෙන්න.

nithipahiනීතිපතිවරයා සහ ඔහු යටතේ පවතින නීතිපති දෙපාර්තුමේන්තුව දිගින් දිගටම ජනතාවටත් රටටත් එරෙහිව ක්‍රියා කරමින් අවනීතියේ උල්පත බවට පත් වෙමින් සිටීම යහපාලනවාදී ජනතාවගේ දැඩි වෛරයට සහ කෝපයට ලක්වෙමින් තිබෙනවා.

මීට ආසන්නතම සිදුවීම නම් විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ ව්‍යාජ තොරතුරු සපයා තානාපති වරප්‍රසාද සහිත හොර ගුවන් ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීම පිළිබඳ සියළු සාක්කි සහිතව රහස් පොලිසිය විසින් ඇයට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමට නීතිපති දෙපාර්තුමේන්තුව උපදෙස් පතා සිටියද අද දක්වා ඊට අදාල උපදෙස් ලබා නොදී වංචනික කාන්තාවට අනුග්‍රහය දක්වා තිබීමයි. රහස් පොලිසිය විසින් IE 14/15 වගන්ති යටතේ ඇයට එරෙහිව ක්‍රියා කිරීමට නීතිපති දෙපාර්තුමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇත්තේ පසුගිය පෙබරවාරි 06 වෙනිදාය. මාස 7 ක් තිසේසේ අද දක්වා නීතිපති නිහඬව සිටී. මේ බව හෙලිවන්නේ පසුගිය දා අධිකරණයට රහස් පොලිසිය කළ කරුණු වාර්තාවකදී ය.

මේ ආකාරයටම ජනතාවගේ කෝපයේ ගිනි සිලු දල්වාලන ක්‍රියා රැසක් පසුගිය සති කිහිපය තුලදී නීතිපති දෙපාර්තුමේන්තුව සිදුකෙළේය. ඉන් එකක් නම් ප්‍රභාකරන්ගේ මරණින් පසු එල්ටීටීඊ නායකයා ලෙස නිල වශයෙන්ම වගකීම බාර ගත් කුමරන් පද්මනාදන් හෙවත් කේපීට එරෙහිව නීතියෙන් ක්‍රියා කිරීමට සාක්කි නැතැයි අධිකරණයට පැවසීමයි. කේපීට එරෙහිව කරුණු නැතිනම් කේපී මලයාසියාවේ සිට කුදලා ගෙන ආවේ කුමකටද.? කිලිනොච්චියේ තබා හමුදා ආරක්ෂාව යටතේ සුර සැප දෙමින් තියා ගැනීමට ද.? කේපී ලංකාවට ගෙන ආ පසු මාධ්‍යයට අදහස් දක්වමින් යුද්ධයේ අවසන් කාලයේදී, ප්‍රභාකරන් ඔහුගෙන් ආයුධ නැවක් ඉල්ලා සිටි නමුත් ඉස්සර ඔහුට තිබූ සම්බන්ධකම් ගිලිහී ගොස් තිබූ නිසා එය කලට වේලාවට එවා ගත නොහැකි වූවා යයි පවසා ඇත. කේපීට එරෙහිව නඩු දැමීමට ඔහු විසින් ලංකාවේදී හමුදා බාරයේ සිටිමින් කළ ඒ ප්‍රකාශය පමණක් වුව සෑහේ. ඔහු ඊට පෙර අවි ආයුධ නැව් එවා ඇති බව ඉන් පිලිගෙන තිබේ. කේපී යනු එල්ටීටීඊයේ ප්‍රධාන තිදෙනාගෙන් අයෙක් බව නොදන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවේ දේශද්‍රෝහීන් පමණි.

ජනතාවගේ කෝපය ඇවිලූ අනෙක් කාරණාව නම් රජය සතු අවි ආයුධ පුද්ගලික අංශයට නීති විරෝධීව බදු දී තිබියදී ගෝඨාභයට එරෙහිව නඩු දැමීමට හේතු නැතැයි පාවෙන අවි ගබඩා නඩුවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ගෝඨාභය සුදනා කිරීමයි. මේ සම්බන්ධයෙන් සිවිල් සහ වෘත්තීය සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ ගෝඨාභයට එරෙහිව නඩු දැමීමට හැකි බවට නීතිපති දෙපාර්තුමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු දුන් වාර්තාවක් තමන් සතු බවයි. ඒ එසේ නම් ගෝඨා සුදනා කෙළේ කව්ද.?

කේපීට ගෝඨාට දුන් නීතිපතිගේ අවනීතියේ සහනය දැන් ශෂී වීරවංශටත් දෙන්න යනවාදැයි යහපාලනවාදී ජනතාව දැඩි කෝපයෙන් විමසාසිටිනවා. නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ ලොක්කන් මෙලෙස නීති විරෝධීව ක්‍රියා කරන්නේ ඉහල දේශපාලන අධිකාරියෙන් තිබෙන බලපෑමක් නිසා නම් ඔවුන් එය නොවලහා හෙලි කළ යුතුය. මන්ද යත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තමන් කිසිදු බලපෑමක් කරන්නේ නැතැයි පස් පඩංගුවේ දිවුරන බැවිනි.කවුරුන් හෝ ජනතාවට ඇත්ත හෙලි කළ යුතුය. නැතිනම් දෙපාර්ශවයම ජනතා වෛරයට ලක්වීම වැලැක්විය නොහැක.

කෙසේ වෙතත් කුමන තත්ත්වයන් යටතේ හෝ ස්වාධීනව නීතියට යටත්ව ක්‍රියා කළ යුතු නීතිපතිවරයා සහ ඔහුගේ දෙපාර්තුමේන්තුව දිගින් දිගටම ජනතාද්‍රෝහී ලෙසත් දේශද්‍රෝහී ලෙසත් ක්‍රියා කරන්නේ නම් ලඟදීම ඔවුන්ට පාරක තොටක බැස යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව නම් ඉඳුරාම කිව හැකිය. ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් රටේ ජයගත් ජන අභිලාෂය කුමක්දැයි මොළේ අබ මල් රේණුවක් තිබෙන රජයේ නිලධාරියෙක් නම් වටහා ගත යුතු බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *