ඉකුත්දා ජාතික පුවත්පත් මඟින් පෙන්නුම් කල ගම්පහ දිස්ති‍්‍රක්කයේ සිදු කෙරෙන සියලූ පස් කැපීම් වහාම නවතා දැමීමට පියවර ගන්නා ලෙසත්, පස් කැපීම් වෙනුවෙන් නිකුත් කර ඇති සියලූ බලපත්‍ර අද සිට කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කරන ලෙසත් ජනාධිපති සහ පරිසර අමාත්‍ය මෛත්රීපාලසිරිසේන මහතා භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
පවතින නීති රීතිවලට පටහැනිව ගම්පහ දිස්ති‍්‍රක්කයේ සිදු කෙරෙන පස් කැපීම් පිළිබද පළවී ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන් අතර මෙම නීති විරෝධි කටයුතු පිළිබද වහාම සොයා බලන ලෙසද භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දීතිබෙන්නේ.
