• Mon. Feb 6th, 2023

"සේයා" දූව මැරූ අපරාධකරුවන්ට මරණ දඬුවම දිය යුතුයි – රන්ජන්

ranjan seya

බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේදී පස්‌ හැවිරිදි සේයා සදෙව්මි දැරිය සාහසික ලෙස මරා දැමූ අපරාධකරුවන්ට අනිවාර්යෙන්ම මරණ දඬුවම දියයුතු බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සඳහන් කරනවා.

දැරියගේ දේහය තිබූ ස්‌ථානයට ඊයේ (13 වැනිදා) පැමිණි නියෝජ්‍ය ඇමැතිවරයා දැරියගේ දෙමාපියන්, ඥතීන් හා ප්‍රදේශවාසීන් හමුවී සිද්ධිය පිළිබඳව සොයා බැලීය.

එහිදී ඇමැතිවරයා කියා සිටියේ මෙවැනි නින්දිත අපරාධ විශේෂයෙන්ම ළමයින් විනාශ කරනු ලබන අපරාධකරුවන්ට මුස්‌ලිම් නීතිය වැනි ප්‍රබල නීතියක්‌ ඔස්‌සේ දියහැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බවයි.

මෙවැනි අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නොසිටිය යුතු බවද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. කිසිවකුට වරදක්‌ නැති ළමයෙකුට කරන ලද මෙම අපරාධය අතිශය පිළිකුලෙන් හෙළා දකින බවත් ඒ තුළින් දිවුලපිටිය ප්‍රදේශයට ඇතිවුන කලුපැල්ලම ගැන තමා අතිශය කනගාටුවන බවත් මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් රන්ජන් රාමනායක මහතා අවධාරණය කළේය.

පොලිස්‌ පරීක්‍ෂණ පිළිබඳ අතිශයින් සතුටුවන බවත් සඳහන් කළ රාමනායක මහතා මෙවැනි අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දියයුතු බවත් එහිදී දැඩිව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *