ගම්පහින් මෙවර මැතිවරණයට තරග කොට ජයග්‍රහණය කළ චතුර සේනාරත්න පිළිගැනීම සදහා පවත්වන උත්සවයක බැනර් එල්ලමින් සිටි පිරිසකට කාවින්ද ජයවර්ධනගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තාවේ.
මෙම සිදුවීම ඊයේ (14) රාත්‍රී කාලයේදී රාගම නගරයේදී සිදුව ඇති අතර කාවින්ද ජයවර්ධනගේ ආධාරකරුවන් බව පැවසෙන මෙම පිරිස කාලයක් තිස්සේ කප්පම් ගැනීමට ප්‍රසිද්ධියක් ඉසිලූ පිරිසක් බවද වාර්තා වෙනවා.
කෙසේ නමුත් ප්‍රහාරයට ගොදුරු වූවෙකුගේ හිසට මන්නා පහරක් එල්ල වී ඇති අතර තවත් අයෙකුගේ හිසට පොලු පහරක් එල්ල වී රෝහල් ගතකොට ඇති අතර මන්නා පහර එල්ල වූ ආධාරකරුගේ තත්වය බරපතල බවද වාර්තාවේ.
අදාළ ප්‍රහාරය එල්ල කරනු ලැබූ කාවින්ද ජයවර්ධනගේ මැරයන් විසින් පවා ඇත්තේ පිටින් ගම්පහට ඇවිත් සංදර්ශන පවත්වන්නට ඉඩ නොදෙන බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් චතුර සේනාරත්න රාගම පොලීසියට පැමිණි කොට ඇත.
හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුතෙකු වන පා.ම කවින්ද ජයවර්ධනගේ ආධාරකරුවන් සිදුකළ මෙම ප්‍රහාරය නිසා කිලිටුවන්නේ සාමයට ඉතාමත් ලැදි පුද්ගලයෙකු වූ අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ නම බැවින් හා නෑ කමින් දෙමස්සිනාලාගේම පුතුන්ගේ නම් බැවින් කරුණාකර මින් ඉදිරියට මෙවැනි ගැටුම් වළකා ගැනීමට දෙපාර්ශවයේම වගකිවයුතු පාර්ශව විසින් උත්සහ ගත යුතුයි යන්න අපගේ අදහසයි.