• Fri. Feb 3rd, 2023

ඩිල්ෂාන්,මිලියන 150ක් ඉපැයුවත් නඩත්තු ගෙවල නෑ..!

thilakarathne dilshan

හිටපු ක‍්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වසර 2012/13 කාලයේදී රුපියල් මිලියන 150ක පමණ මුදලක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් උපයාගෙන ඇතැයි ක‍්‍රිකට් ආයතනයේ මූල්‍යඅංශ නිලධාරිනිය විසින් අළුත්කඬේ අංක 09 අධිකරණයේදී පවසා තිබෙනවා.

ඩිල්ෂාන්, පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අළුත්කඬේ අංක 09 අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළිවී තිබෙනවා.

කෙසේවුවද ඩිල්ෂාන්ගේ නීතීඥවරයන් අධිකරණයට දන්වා සිටියේ එතරම් මුදලක් ඩිල්ෂාන් උපයා නොමැති බවයි.

ඒ අවස්ථාවේදී බැංගලෝර් කණ්ඩායමට ක‍්‍රීඩා කිරීම වෙනුවෙන් ඩිල්ෂාන්ට මුදල් ගෙවා නැත්දැයි විනිසුරැුවරයා ඩිල්ෂාන්ගේ නීතීඥයන්ගෙන් විමසා සිටියේය.

ඩිල්ෂාන්ගේ නීතීඥයන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ පැමිණි පාර්ශවය විසින් වෙබ් අඩවිවල පුවත් පලකරමින් ඩිල්ෂාන්ගේ කීර්තිනාමයට හානි පමුණවන බවවයි.

ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.

2845791678_b4d62b5c60 (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *