පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට රුපියල් මිලියන 200ක අලාභයක් සිදුවීම ගැන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් අචාර්ය පී.බී ජයසුන්දර යන අයගෙන් අද ප්‍රශ්න කර තිබෙනවා.
අද පෙරවරුවේ ඔවුන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට කැඳවා එසේ ප්‍රශ්න කළ බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා සදහන් කළේ.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපතිගේ දැන්වීම් මුදල් නොගෙවා ප්‍රචාරය කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැන්වීම් සඳහා මුදල් ලබාගෙන දැන්වීම් ප්‍රචාරය නොකිරීමත් හේතුවෙන් රුපියල් මිලියන 200ක අලාභයක් අදාළ රාජ්‍ය මාධ්‍ය ආයතනයට සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් අනූව ප්‍රශ්න කිරීම් සිදුකළ බව ඒ මහතා කීවේය.
මෙහිදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැන්වීම් සඳහා ලබාදුන් මුදල් දැන්වීම් ප්‍රචාරය නොකරම ආපසු ලබාදී ඇතැයි ද හෙළිවී තිබෙනවා.