• Sat. Jan 28th, 2023

මෛත්‍රීගේ සුපිරි දේශපාලන ගේම ජනතා ගතවන්නට නම් මෙය තේරුම් ගත යුතුය

maithri

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව සිට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රී ගැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රාජපක්ෂවරුන්ගේ බලයට එරෙහිව කැරැල්ලකි.එය බොහෝ සෙයින් වැදගත් වන්නේ අවනීතියට,අසාධාරණයට එරෙහිවන එකා දෙන්නා හෝ සුදුවෑන් වලින් අතුරුදන් කර සමාජ මතය වළලා දැමූ යුගයක මෛත්‍රී පැහැදිලිවම ජීවිත අවදානමක් ගෙන මේ සටනට පැමිණීමයි.මෛත්‍රීගේ වාසනාවකට ඔහු දිනුවේය. 

එයින් පසු මෛත්‍රීගේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දියවන්නට යන්නේ ,මහින්ද නොදුන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය ශ්‍රිලනිපය තුළ ගොඩනැගීමට යාමේදීය.මැතිනියගේ සිටම වසර 45 කට අධික කාලයක් පක්ෂයේ නායකයා තමන්ගේ බලය රැකගැනීමේ කාර්යය සහ බල ව්‍යාප්තිය සිදුකිරීමට හුරු වී සිටින දේශපාලකයන්ට මෙන්ම ජනතාවටද මෙය තේරෙන්නේ නැත.කොටින්ම කිවහොත් මෛත්‍රී යනු පසුගිය දස වසර පුරා ජනතාව අත්දුටු,අත්විඳි ජනතාවගේ නායකයා නොවේ.මාධ්‍ය මගින් මෝහනයට පත් කර ඇති ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ව බියගන්වා,තලාපෙලා තමන්ට නොතේරෙන ලෙස තමන්ගේම සාරය උරාබොමින්, එහෙත් වෝකින් පාත් හදමින් සිටින ආණ්ඩුවක්ය.සරලව කිවහොත් ජනවාරි 8 වෙනිදා ජනතාව ප්‍රතික්ෂේප කොට පරාජය කෙරූ වැඩපිළිවෙලමය. මෙය වැඩිදෙනා කැමති ක්‍රමයයි.මෙය වෙනස් කළ යුතු යැයි දැනෙන්නේ කාලයකට පසුවය. නින්දෙන් ඇහුරුණා සේ මෛත්‍රීට ඡන්දය දී නැවතත් පුරුදු නිද්‍රාවටම ජනතාව වැටී සිටිති.ඔවුන් ඉල්ලන්නේ රාජපක්ෂ ක්‍රමයේ සුව සිහිනයි.එය එළිනොවන විට මෛත්‍රී රැවටිලිකාරයෙකු හා ජනතා විරෝධියෙකු වෙයි.ඒ මහින්දත් ඉක්මවා යන තරමටමය.

අද සමාජ මාධ්‍ය තුළ මෙන්ම පාර තොටේදීත් අප අත් විඳින්නේ එම දේශපාලන යතාර්ථයයි.ජනතාව විසින් තෝරා අත්කර එවූ මන්ත්‍රීවරුන් පිරිසක් හට ඇමති තනතුරු ලබාදීම මත මෙම විරෝධය උග්‍ර වී තිබෙනවා.කුඩු කාරයන්,එතනෝල්කාරයන් සහ පසුගිය ආණ්ඩු සමයෙහි අවනීතිය රජකම් කරන්නට මඟ පෑදූ ඔවුනට ඇමතිකම් දුන්නේ ඇයිද,යන්න එහි ප්‍රශ්නකාරි ගැටලුව බවට පත්ව තිබෙනවා.

මෛත්‍රී ජනාධිපතිවරයා සුළුතර පක්‍ෂයකින් විපක්ෂ නායකවරයෙකු තෝරා පත්කර ගැනීමටද දැඩි දායකත්වයක් ලබාදී ප්‍රබල සමාජ පරිවර්තනයකට පදනමක්‌ දමා තිබේ.එමෙන්ම ඔහු රටට දුන් විශිෂ්ට ප්‍රතිඵලය 19 වැනි සංශෝධනයයි.එහෙත් ඔහුට මේ රට වැනසූ අශීලාචාර මනාප ක්‍රමය වෙනස්‌ කිරීමට බැරි විය.දූෂිතයන්, අශිෂ්ටයන්, චූදිතයන් මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්‌වීමට නොහැකි විම සහ ඒ නිසා අපවිසින් නිර්දය ලෙස විවේචනය කළ යුතුද යන්නය.වටහා ගත යුතු අනෙක් කරුණ නම් දුෂිතයන්ට ඇමති කම් දී ඔවුන්ව තමන්ගේ බලය වැඩි කරගැනීමට කටයුතු යොදනවාද, එසේත් නැතහොත් රටේ සුභසිද්ධිය සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් රටේ පොදු මහජනතාවගේ ජිවිත වලට වැඩි වටිනාකමක් ලබාදෙන්නේ ද යන්නය.

එමෙන්ම පසුගිය සමයෙහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමේ තීරණයටත් මෙවැනිම වූ විරෝධතාවයක් මතු වුවත් “අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කෙනෙකු බවට පත් කළ මෛත්‍රීගේගේ ඒ ගැඹුරු දේශපාලන උපායශීලිත්වය ජනතාවට තේරුම්ගියේ, ජනාධිපති මෛත්‍රීට සතර අතින් ගල්,මුල් එල්ල වීමේන් පසුවය.සරලවම කිවහොත් ඡන්දය ඉවර වි සතියක්,දෙකක් ඉක්මවීමෙන් පසුවය.

අප හට මෛත්‍රී ජනාධිපතිව විශ්වාස කළ හැකි එක් තනි වාක්‍යයක් ඔහු අපට පැහැදිලිවම මැත්වරණයට පෙර ලබා දුනි.එනම්,

“ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ බොහොම පැහැදිලිව මම කියන්නට ඕනෑ මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එක්‌ක මගේ ගනුදෙනුවක්‌ නෑ.මහින්ද රාජපක්‍ෂ මහත්තයට ජනවාරි 8 වැනිදාට කලින් මගේ තිබ්බ විරෝධය අදත් එහෙමමයි.”

ඔහු හිටපු ජනාධිපතිවරයා දකින්නේ බලය හා පවුල්වාදය ගොඩනඟා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇහිරූ කෙනකු ලෙස ය.මේ රටේ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද මහින්ද පාලනයට යළි ඉඩදීම ජනවාරි 8 වැනිදා සිදු වූ යහපාලන සමාරම්භය ආපසු හැරවීමක්‌ බව ද ඔහු දැඩිසේ විශ්වාස කරයි.යහපාලනය අගයන සියලු ප්‍රජාත්‍රන්ත්‍රවාදී එම කාරණය දැඩි සේ අගය කරන ප්‍රකාශයක් ලෙස හුවා දැක්විය හැකිය.

එමෙන්ම ආණ්ඩුවේ අගමැතිවරයා වන රනිල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස මෙන්ම අදූෂිත දේශපාලනඥයකු ලෙස ද පොදු පිළිගැනීමක්‌ තිබේ.එහෙත් ඔහුට ද සියයට සියයක්‌ මේ දේශපාලන දුෂ්පිළිවෙත් අත් හැරීමට බැරිය.ඔහු දේශපාලනයෙන් පවුල් වැඩුවේ හෝ මහජන මුදල් ගසා කෑවේ හෝ නැත.එය මුළු රටම දනී.එමෙන්ම ඔහුද මෛත්‍රී සමග මේ ජනතාවාදී වැඩපිළිවෙල රැගෙන යායුතු වන්නේ ජනතාවම පත් කර එවූ දූෂිත මන්ත්‍රීවරුන් පිරිසක් සමගය.

මෛත්‍රී ජනපති බලයට ගෙනා ජනවාරි 8 ජයග්‍රහණය සමඟ ඔහු ගමන් කළ යුතු බව ඔහුට දැනෙමින් තිබෙන දේශපාලන යථාර්ථයයි. රාජපක්‍ෂ බලය තීරණාත්මකව පරාජය කළ යුතු බව එජාප පෙරමුණ හා ඒ සමග සිටින මෛත්‍රී හිතවත්හු ද වටහා ගෙන සිටිති.කෙසේ හෝ වේවා දේශපාලනය යනු අද දවසේ මේ රටේ තිබෙන බිහිසුණු අරගලයකි. එසේම දේශපාලන බලය පිළිබඳ සමාජ අපේක්‍ෂාවන් ද වෙනස්‌ කිරීමට බුද්ධිමය දායකත්වය ද අඩුය.

මේ තුළ අප සරලවම වටහා ගතයුතු කරුණු කිහිපයක් තිබෙන බැව් මා විශ්වාස කරන්නේ, ජනාධිපති මෛත්‍රී ජනවාරි 8 වෙනිදා දිව්රුම් දුන් පසු මෙතෙක් ගත වූ කාලය තුළ ඔහු සිදුකර ඇත්තේ,ඔහුට හිමිවූ අසීමාන්තික විධායක බලය ඔහුම සීමා කරගෙන පොදු ජනතාවගේ වටිනාකම ඉහළ යන පරිදි අවශ්‍ය කරන අණ,පණත් හා ක්‍රියාකාරකම් සකස් කිරීමට වෙර වීරිය දැරීම මෙන්ම,ඔහු මේ සිදුකරගෙන යන වැඩපිළිවෙල තුළ ඔහු අවංකත්වයෙන් එම කටයුතු සිදුකරගෙන යෑම අප කිසිම කෙනෙකුට සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකි කාරණාවක්ම වන නිසාවෙනි.

2 thoughts on “මෛත්‍රීගේ සුපිරි දේශපාලන ගේම ජනතා ගතවන්නට නම් මෙය තේරුම් ගත යුතුය”
  1. Janathawa path karala ewana dooshitha mantriwaru ekka amaruwen wada kranna wwla tiyana janadipati ai etakota janatawa parada karapu dooshitha mantriwaru jatika layistuwen parlimenthu aran,eyalata amatikam dunne? S.B la wage aya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *