කොටදෙණියාව දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ සවස්වන විට පොලිසියට බරපතළ සැකයක් මතුවී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්ෂි මත සිදුකළ විමර්ශනයකදී එම පියා කළ ප්‍රකාශ සත්‍යයක් බවද පොලිසියට තහවුරු වී තිබේ.
දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස් තිබූ අතර ඔහු කියන ලද ස්ථානය පරීකෂණයක් දුරකථන කුලුනු වාර්තා අනුව පොලිසිය සිදුකර ඇත.
පියා ලබාදුන් ප්‍රකාශ සත්‍යයක් බව තහවුරුවී ඇත්තේ ඒ අනුවය.දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසිය සඳහන් කරයි.
දැරියට සිදුවී ඇති අපයෝජනය අනුව එය සිදුකළ තැනැත්තාගේ ලිංගික අවයවයන්ටද තුවාලයක් සිදුවී තිබිය යුතු බවද වෛද්‍ය වාර්තා අනුව පොලිසිය විශ්වාස කරයි.