පුරප්පාඩුවක්ව පවතින අලුගෝසු තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනෙකු නොවැම්බර් මාසයේදී අලුතින් බඳවා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බි.එම්. රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය. පසුගිය දිනවල අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබූ අතර ඒ සඳහා ඉල්ලුම්පත් 15ක් ලැබි ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයත් මේ මස අවසානයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කර ඉල්ලුම්පත් යොමුකළ අය අතරින් දෙදෙනෙක් අලුගෝසු තනතුර සඳහා තෝරා ගැනීම සිදුකෙරෙන බවද ඒ මහතා කීවේය. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි රජය තීරණය කරන ඕනෑම අවස්ථාවක එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා සිය දෙපාර්තමේන්තුව බැඳී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
