අගෝස්තු මස 19 වැනි දින ගොඩගනු ලැබූඅභිරහස් ලෙස ඝාතනය වූරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බැවින් නැවත මිහිදන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අවසර ලබා දී තිබෙනවා.
තාජුඩීන්ගේ සිරුරින් අස්ථි කොටස් හා ජාන පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ලබා ගෙන ඇති අතර විශේෂඅධිකරණ පරීක්ෂණ කටයුතු අවසන් බවත් සිරුර නැවත මිහිදන් කිරීමට අවසර දෙන ලෙසද රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
සිරුර තාජුඩීන්ගේ වැඩිමහල් සොහොයුරිය වන ෆාතිමා අයේෂා තාජුඩීන් වෙත භාර දෙන ලෙසත් භූමදානය වෙනුවෙන් අදාළකටයුතු සිදුකිරීමට මොහොමඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ පාලන කමිටුවේ සභාපතිවරයා වෙතත් දැනුම් දී තිබේ.