අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සර ජාතික උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ පැවැත්වුණා.
ශ්‍රේෂ්ට මානව හිතවාදියෙකු වූ ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය කි‍්‍රයාත්මක කිරීමට කැපවී සිටින රජයක් ලෙස අපේකමට සහ අපේ උරුමයන් වලට වැඩි වටිනාකමක් ලබාදෙමින් ලෝකය හමුවේ ප්රබුද්ධ ජාතියක් ලෙස නැගී සිටීමට ශී‍්‍ර ලාංකික ජනතාවට අවස්ථාව උදා කර දෙන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවයට ඊයේ (17) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එක් වෙමිනි.
ජීවිතවල වටිනාකම රුපියල් ශත වලින් මනින තරමට සමාජය පිරිහී ඇති යුගයක යහපත් සමාජයක් ගොඩනැගීම සහා අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය වඩ වඩාත් සමාජය තුළට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
දෙස, බස, රැස, සසුන සුරකින ධර්මපාල පරපුරක් හදමු, මැයෙන් ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමන්ගේ අනභිභවනීය මෙහෙවර අගයමින් පුරා සතියක් තුළ පැවති 151 වන ජන්ම දින සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන ජාතික උත්සවය අද මෙලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශී‍්‍රමත් අනගාරික ධර්මපාල සමරු දේශනය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් සිදු කළේය.
තෛි්රනිකායික මහා සංඝරත්නයද, කථානායක කරු ජයසූරිය මහතා සහ මැති ඇමතිවරුද, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිළධාරිහුද විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.