කොස්ගොඩ මුහුදු තීරයේදී පුද්ගලයෙකු තම අවුරුදු 02 ක් පමණ වයසැති දරුවා සහ බිරිඳ මුහුදට තල්ලු කර දමා තිබේ.
ඒ ඊයේ රාත්රී 10 ට පමණ ය. කෙසේ නමුත් අදාළ කාන්තාව ගොඩට පිහිනාවිත් දිවි බේරාගෙන ඇති අතර මුහුදට වැටුණු දරුවා තවමත් හමුවී නැත.
මුහුදේ ගල්පරයකට නැග දරුවා සහ බිරිද මුහුදට තල්ලුකර ඇති සැකකරු මිරිස්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ වී ඇති අතර මෙම ක්රියාවට හේතුව ඔහුගේ අනියම් සබඳතාවක් විය හැකි බවට සැක කරයි.