• Mon. Feb 6th, 2023

පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණ දඬුවම ගේනවා – ජනපති

maithripala

සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ලැබුණොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) ජනපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ ගාලු නගර සභා ශාලාවේ පැවැති ජාතික වැඩසටහනට එක්වෙමින් පැවසීය.

“කොටදෙණියාවේ දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක් ලැබුණා. ඊට පෙරත් එවැනි ඉල්ලීම් ලැබුණා. බොහෝ දියුණු රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.” යැයි ජනපති කීවේය.

පසුගියදා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඝාතනය කරන ලද සේයා සදෙව්මි දැරියගේ සිද්ධිය ගැන සිහිපත් කරමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.එම දැරියගේ ඛේදවාචකය හමුවේ කම්පනයට පත්වූ බොහෝ ජනතාව තමන්ගෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටි අයුරු දුටුබවද පැවසූ ජනාධිපතිවරයා තමන්ට එය ක්‍රියාත්මක කිරීමට බලය ඇතැයිද පෙන්වාදුන්නේය.

දැනට වැරදිකරුවෙකුට උසාවියෙන් මරණ දඬුවම නියම කළ පසු තමන්ට ඇත්තේ අත්සන ගැසීම පමණක් යැයිද කියා සිටි‍ ඒ මහතා ‍එසේ වුවද මානව හිමිකම් සංවිධාන මානුෂියත්වය ගැන සලකා මීට හරස්වන බවද කියා සිටියේය.කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදුව ඇති ස්ත්‍රී දූෂණ, ළමා අපචාර දෙස බැලීමේදී මෙවැනි දඬුවමක අවශ්‍යතාවය පැන නැඟී ඇති බව පෙනෙන්නට ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

අද වන විට චීනය අමෙරිකාව වැනි රටවල පවා මරණ දඬුවම ක්‍රියාත්මක බවත්,සංවර්ධිත බොහෝ රටවල් වෙඩි තැබීම, එල්ලුම්ගහ, විදුලි පුටුව හා එන්නත් කිරීම් මගින් මෙම දඬුවම ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

One thought on “පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණ දඬුවම ගේනවා – ජනපති”
  1. අපි ලෝකෙ රටේ තියන සංවිධාන සහ රටවල් සතුටු කිරීමට, රටතුල සහ මහජනතාව කෙරෙහි ඍජුවම බලපාන වැදගත් ප්‍රශ්ණවලදී තීරණය කිරීම කෙතරම් යුක්ති යුක්ත ද බව සලකා බැලීම පාළකයන්ගේ වගකීම සහ යුතුකම ද වේ.
    වෘත්තියෙන් හෝ නාමිකව ප්‍රසිද්ධවූ අය අග්‍රගණ්‍ය බහුඍුත මහා විශාරදයන් ලෙස සලකා, මහජන කැමැත්ත සහ අනුමැතියකින් තොරව රටට සුවිශේෂිතවූ කරුණූ කාරනා පිලිබදව තීරණ ගැනීම ද කෙතරම් දුරට බුද්ධිගෝචරදැයි පාළකයන් සිතා බැලියයුුතුව අැත.
    Social Media මගින් ඒකපාක්ෂිකව ගෙනයන අනුග්‍රහය ද කොතරම් දුරට වලංගු වේදැයි බුද්ධිමත්ව විමසා බැලියයුතුව අැත.
    මාගේ පුද්ගලික මතය සහ නිරීක්ෂණය අනුව නිගමනය කලහැක්කේ, බහුතරයක් මහජනතාව ඉල්ලන්නේ සාපරාධී වරදකරුවන්ට නිසි දඩුවම් පැමිණවීමට නීති සම්පාදනය කිරීම හෝ තිබෙන නීති කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරනලෙස වේ.
    කෙටියෙන්ම ජනාධිපති සමාව පිලිබද තීරණ ගැනීමේදී ද ඒ සමාවන් සම්පූර්ණයෙන්ම සාපරාධී වරදකරුවන්ගෙන් වියුක්ත වියයුතුව අැත.
    චූදිතයන් සාපරාධී වරදකරුවන් ලෙස තීරණය කිරීම මුළුමනින්ම සම තුලාවේ සාධාරණත්වයට යටකර හසුකර ගැනීම අදාල වගකිවයුත්තන්ගේ සහ බලධාරීන්ගේ ඒකායන වගකීම ද වේ.
    මේ පිලිබදව මහජන මතයට සවන්දීම සහ ගරුකිරීම අනාගතයේදී අැතිවියහැකි සීමාන්තික මහජන උද්ඝෝෂණ වලක්වාගැනීමට මහගු පිටුවහලක් වනු අැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *