• Tue. Feb 7th, 2023

සේයාගේ ඝාතනයට සැකපිට උසස්පෙළ සිසුවෙකු සහ තිදෙනෙකු පොලිස් භාරයට

seya sadamini news

ගම්පහ කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම නිවස ආසන්නයේම අසල්වැසි නිවසක උසස් පෙළ පන්තියේ පාසල් සිසුවෙකු හා ඔහුගේ සගයන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඝාතනය පිලිබඳ මූලික පරීක්ෂණ සිදු කර තිබුණ ගම්පහ ඇතුළු ප‍්‍රාදේශීය පොලිසි සිද්ධිය සම්බන්ධයෙන් 25 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණ පසුව එම පරීක්ෂණ රහස් පොලිසිය වෙත පැවරීමෙන් අනතුරුව මෙම සිවුදෙනා පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්න කර තිබෙන්නේ.
දැරිය සිටි නිවසට නිතර යන එන කෙනෙකු බව පැවසෙන මෙම 17 හැවිරිදි තරුණයා ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙක් බවත් සඳහන්.නොසන්ඩාල අයෙකු ලෙස ප‍්‍රදේශයේ ප‍්‍රකටව සිටින මොහු කණ්ඩායම් වශයෙන් හැසිරෙමින් රාත‍්‍රී කාලයේ දුරාචාරයේ යන අයෙකු බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි සඳහන්.
මොහු අධික ලෙස ගංජා පානයට ඇබ්බැහිවූ අයෙකු බවත් පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබෙන බවත්,මොහු සිද්ධිය වූ දින රාත‍්‍රී කාලයේ තවත් තිදෙනෙකු සමග එක්ව මෙම කටයුත්තට දායක වූයේද යන්න ගැන පොලිසිය සැකකරන අතර එම තිදෙනාවද පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර තිබෙන බව වාර්තා වෙනවා.
ඝාතනය සිදු කළ අය ගැන අනාවරණය ඉක්මණින්ම සිදු කළ හැකි බව දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව පෙන්නුම් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *