සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි දී ඔහු, ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ ක්‍රියා කලාපය දැඩිලෙස විවේචනයට ලක් කළා.
කොළඹ සිට ප්‍රකාශ නිකුත් කිරීම නොගැළපෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසන්නේ, මේ සම්බන්ධයෙන් නිසි අයුරින් මැදිහත්වීමක් නොකර සිද්ධිය සිදු වූ තැනට හෝ නොගොස් කොළඹ සිට ප්‍රකාශ නිකුත් කිරීමෙන් පලක් නොවන බවත්ය.
අපරාධකරුට හා ළමා අපරාධ කරන්නන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අවාධාරණය කළේ.
“ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය අම්මා කෙනෙක්ද කියලා මං අහනවා.අද මානව හිමිකම් නිහඬයි.ළමයෙක් දූෂණය කොට අධික ලේ වහනය වන විදියට දැරියක් මරල දැම්මම කොළඹ හතේ නෝනලා කියනවා අවම 10 යි උපරිම 20 යි කියලා.ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට දරු කැක්කුමක් නැතිවුණාට අපි ළමයින්ට ආදරෙයි.නීතිඥ මහත්තුරු තමයි චූදිතයා මරණවට අකමැති.චූදිතයා මිල අධිකයි.නීතිඥවරුන්ගේ ගාන කැපිල්ල තමයි අඩුවෙන්නෙ.ඔය සභාපතිනිය කවදද ඔය සිදුවීම සිදුවුණු තැනට ගියේ.කොළඹට වෙලා ප්‍රකාශ නිකුත් කරලා වැඩක් නෑ.”