• Thu. Feb 2nd, 2023

පියා විසින් මුහුදට තල්ලූ කළ බිළිදියගේ මළ සිරුර හමුවෙයි

mathara baby
කොස්ගොඩ දී පෙරේදා රාති‍්‍රයේ දී පියා විසින් මුහුදට තල්ලූ කළ දැරියගේ මළ සිරුර කොස්ගොඩ – මහපැලෑන වෙරළට අද උදෑසන ගොඩ ගසා ඇත.

කොස්ගොඩ පොලීසිය සදහන් කළේ මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි.

කොස්ගොඩ – මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් ඔවුන් මුහුදට තල්ලූ කළ සැකකාර පියා ඊයේ උදෑසන කොස්ගොඩ – කයිකාවල ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.එම සිද්ධියේදී මුහුදට තල්ලූ කළ බිරිඳ දිවි ගලවා ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් සැකකාර පියා පොලීසියට කිසිවක් ප්‍රකාශ නොකරන බව කොස්ගොඩ පොලීසිය පවසයි.සැකකාරු අද දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සැකකාර පියා 29 හැවිරිදි අයෙකු වන අතර, ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි.
එමෙන්ම සැකකරු තවත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු හෙළි වී ඇති බව පොලීසිය සඳහන් කළේය.ඒ හේතුවෙන් මෙම අඹු – සැමියන් අතර නිතර අඩදබර සිදුවී තිබේ. අදාළ කාන්තාව සැකකාර පුද්ගලයාට වඩා වයසින් ද වැඩිමහල් වන බව සදහන් වේ.

මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රී 10.00 ට පමණ තම බිරිඳ සහ දෙහැවිරිදි සිගිති දියණිය නිවසින් කැදවාගෙන ගොස් ඇත්තේ මිත්‍රයෙකුගේ නිවසකට යන බව පවසමිනි.ඉන් පසුව මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් එකවරම ඔවුන් මුුහුදට තල්ලූ කර ඇත.මුහුදට තල්ලූ කරනාවාත් සමඟම දියණිය විසිවී ගොස් මුහුදට වැටී ඇති අතර, බිරිඳ ගල් පරයෙන් පහළට ඇද වැටීමෙන් අනතුරුව දිවි බේරාගෙන ඇත.

ඇය දිවි බේරාගත් අයුරු විස්තර කළේ පහත අයුරින්,

“එයා මාවයි දරුවයි අරගෙන ගලඋඩට ගිහිල්ලා තල්ලූ කරලා දැම්මා. මම සැක හිතිලා හැරෙනකොටම මට මතක මාව වතුරට වැටුණා විතරයි. මගෙත් එක්ක දරුවා වැටුණේ නෑ. දරුවා ගල් දෙබොක්කාව අසලින් මහ රැුල්ලක් ආවා එතනට වැටෙන්න ඇති. එයා දකින්න ඇති දරුවා වැටෙනවා. මගෙත් එක්ක දරුවා වැටුණේ නෑ. මාව යටට ගිලිලා ගියා. යටට ගිලෙනකොට රළ පාරක් ඇවිල්ලා ගලක් වගේ අහුවුණා. ඒක අල්ලගෙන බොහොම අමාරුවෙන් ගොඩට ආවේ “

https://www.facebook.com/apearata/videos/845389238902212/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *