• Sat. Jan 28th, 2023

wimal weerawansa and mahinda rajapaksaඑක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී තමන් හදන පෙරමුණට සහාය නොදෙන බවටත්, ජනාධිපතිවරයාට සහාය දෙන බවටත් පෙන්වමින් මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ රඟපෑමක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කොට ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ජාතික නිදහස් පෙරමුණේ හිතවතුන්ගේ සාකච්චාවකදී වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ නියම අවස්ථාවේදී රාජපක්ෂ මහතා තම පෙරමුණට එක්වනු ඇති බවයි . ජනාධිපතිවරයාට එරෙහිව හදන පෙරමුණට මහින්ද රාජපක්ෂ මහතා සහාය පල නොකිරීම ගැන කළ ප්‍රශ්නකිරීමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මෙම ප්‍රකාශය කොට ඇතැයි සදහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දැරීම ගැන එල්ල විය හැකි චෝදනාවෙන් මිදීමට රාජපක්ෂ මහතා මෙලෙස රගපෑමේ යෙදෙන බව වීරවංශ මහතා හෙළිදරවු කොට තිබේ . ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ රාජපක්ෂ මහතා මෙම රගපෑමේ යෙදෙන්නේ තමන් විසින් සකස් කරන ලද උපාය මාර්ගයකට අනුව බවයි . ඒ අනුව මේ මොහොතේ කළ යුතු වන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීම පමණක් බවද වීරවංශ මහතා ප්‍රකාශ කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *