ලක්ෂ දෙකකට වඩා අඩු මුදලකට සිය රන් බඩු රාජ්‍ය බැංකුවල උකස් තබා ඒවා බේරා ගත නොහැකිව අසරණ වූ පුද්ගලයන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ රන් බඩු උකසින් බේරා ගැනීම සඳහා රජය විසින් 20% ක පොලී සහනාධාරයක් ලබා දී තිබෙනවා.
පසුගිය මාර්තු – ජූලි මාස තුන ඇතුළත ක්‍රියාත්මක කළ මෙම සහනාධාර වැඩපිළිවෙළ යටතේ රජය එම පොළී මුදලෙන් 12% ක් හා බැංකුව 8% ක් බැගින් එම සහනාධාරය ලබා දී ඇතැයි සඳහන්.
මේ වැඩසටහන යටතේ ගත වූ මාස තුන ඇතුළත තිස්හයදහස් එකොළොස් දෙනකු සිය රන් බඩු උකසින් බේරා ගැනීමට ඉඩ ලැබී ඇතැයි සඳහන්.
ඒ සඳහා රජය රුපියල් නවකෝටි තිස් ලක්ෂයක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරනවා.