• Thu. Feb 2nd, 2023

media

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව විචාරශීලීව හා බුද්ධිමත්ව විමසා බැලිය යුතු බවත් දැනට ඇතැම් මාධ්‍ය ඒ ගැන පළකරන අදහස් වැරදි බවත් මාධ්‍ය ප්‍රධානීන් හමුවූ ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූහ.

කොළඹ ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන්,විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සහ ජනමාධ්‍ය හිමිකරුවන් සමඟ ඊයේ (18) සවස කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ බව සඳහන් කරනු ලැබූහ.

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

ms“ජනවාරි 8 වනදා වන විට පිටරටවල් තුළ මේ රට ගැන තිබුණේ ඉතා නරක හැඟීමක්‌. එදා මා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය නොකළා නම් මේ රටට සහ ජනතාවට ජාත්‍යන්තරයෙන් විශාල ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබුණා. එහෙත් මගේ ජයග්‍රහණය සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නව රජය ගැන සෑහීමකට පත්වූ නිසා ජාත්‍යන්තරය තීන්දු කළා අපේ රට සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නට. ඒ අනුව මෙවර ජිනීවා වාර්තාව එතෙක්‌ සැලසුම් කර තිබූ පරිදි දැඩි නිර්දේශවලින් ඈත්ව නිකුත් කරන්නට ජාත්‍යන්තරය තීන්දු කළා. අද අප ඉදිරිපිට තිබෙන්නේ යුද අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ පමණක්‌ ඉල්ලන ලිහිල් වාර්තාවක්‌.එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු නිල සංචාරයේදී සීපා ගිවිසුම ගැන කිසිදු සාකච්ඡාවක්‌ හෝ එකඟත්වයක්‌ ඇති නොවූ බවත් මේ වසරේ ජනවාරි 8 වැනිදා මේ රටේ ඇරැඹි දේශපාලන පරිවර්තනය ඉදිරියටම ගෙන යන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

 

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින්,

rw“පසුගිය කාලයේ ලෝක ප්‍රජාවගෙන් කොන්වීමේ අවදානමක්‌ අපට තිබුණා. දැන් අපට අවස්‌ථාව ලැබී තිබෙනවා එසේ කොන්නොවී ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක්‌ ඉදිරියට නොගොස්‌ දේශීය යාන්ත්‍රණයකට පමණක්‌ යන්නට. ජාත්‍යන්තර සහ දේශීය යාන්ත්‍රණය යන දෙකම මේ ආණ්‌ඩුව මගින් එකඟ වූ කාරණා නොවෙයි. ඒවාට එකඟ වෙලා තිබෙන්නේ පසුගිය කාලයේදී මේ රටේ සිටි පාලකයන්. මෙවර ජිනීවා වාර්තාව මගින් මේ රටේ කාවවත් යුද අපරාධකරුවන් ලෙස නම් කර නැහැ.මම ඉන්දියාවට ගියේ සීපා ගිවිසුම අත්සන් කරන්නට නොවෙයි. මා අගමැති වූ පසු ඉන්දියානු අගමැතිතුමා සාම්ප්‍රදායිකව මට ආරාධනා කළා නිල සංචාරයකට එන්න කියලා. ඉතින් මා එහි ගියා. එපමණයි සිදුවුණේ යයි අගමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.

 

 

06 07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *