මේ වසර තුළ ළමා අපචාර සහ අපයෝජනය පිළිබඳ පැමිණිලි 6500 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය කියයි.
එම පැමිණිලිවල සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත් ඒවා පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන අංශය, නීති අංශය සහ පොලිස් ඒකකය ඒකාබද්ධව විමර්ශන සිදු කෙරෙන බව ද සභාපතිනිය පැවසුවා ය.
ළමා අපචාර වැඩිවී ඇත්ද කියා පැහැදිලි පිළිතුරක් ලබා දිය නොහැකි බව පැවසූ ඇය කියා සිටියේ පසුගිය වසරේ පළමු මාස අට තුළ මේ වසරට වඩා පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව ය. පසුගිය වසර දහය දෙස බැලීමෙන් ළමා අපචාර වැඩිවී ඇති බවක් පෙනෙන්ට ඇති බව ද ඇය සඳහන් කළා ය.
ළමා අපචාර වැඩිවීමට තුඩු දෙන නිශ්චිත හේතු හඳුනාගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් නිගමන වලට එළඹීමට තරම් ලොකු දැනුමක් නොමැති බවත් ඇය පැවසුවා ය. ශ්‍රීලාංකීය සමාජය තුළ යුද්ධයෙන් පසුව ප්රචණ්ඩත්වය වැඩිවී ඇති බව ඇය පෙන්වා දෙයි.
ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බව පැවසූ ඇය පාසල් මට්ටමින් සහ ගම් මට්ටමින් කමිටු පිහිටුවා ගුරුවරුන්, මව්පියන් සහ පොදුවේ සමාජය දැනුවත් කෙරෙන බවත් ජනතාව ශක්තිමත් කිරීම අධිකාරියේ අරමුණ බවත් ඇය ප්‍රකාශ කළාය.
ජනතාව දරුවන් ආරක්ෂා කිරීම තහවුරු කිරීම සහ නියාමනය කිරීම දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් අපේක්ෂා කෙරෙන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර තවදුරටත් ප්‍රකාශ කළා ය.