• Mon. Feb 6th, 2023

බිරියයි දරුවයි මුහුදට තල්ලූ කරේ දැකලවත් නැති ෆෝන් පෙම්වතිය සරණ යන්නලූ

babay mureder

පසුගිය බ‍්‍රහස්පතින්දා කොස්ගොඩ ඉඳුරුව මහපැලෑන මුහුදු වෙරළ තීරයේ රාත‍්‍රී කාලයේ ගල් තලාවකින් මුහුදට තල්ලූ කර බිරිය හා දරුවා මරාදමන්නට උත්සාහ කළ දෙදරු පියෙකු පිළිබඳ කණගාටුදායි සිද්ධියක් වාර්තා වුණා. මෙම සිද්ධිය නිසා අවුරුද්දයි මාස 11 ක් වයසැති දැරිය මුහුදට බිලිවී මියගිය අතර කාන්තාව තුවාල ලබා දිවි ගලවා ගත්තා.
මෙතරම් සැහැසි ආකාරයට තමන්ගේ බිරිය හා බාල දැරිය මරාදමන්නට පෙදරේරුවෙකු බව කියන මේ සැමියා ක‍්‍රියාකර තිබුනේ ඔහු හා අනියම් සම්බන්ධයක් පවත්වන වෙනත් කාන්තාවක සරණ යාමේ අටියෙන් බව ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.
මෙහි වඩාත් විමති සහගත කාරණාව වන්නේ ඔහු පවසන ආකාරයට එම කාන්තාව ඔහු හා දුරකථනයෙන් පමණක් ආශ‍්‍රය කරන බව හා මේ දක්වා දැක නැති අයෙකු බව පැවසීමෙනි.

12009749_1076141619085611_3105552642738158710_nමෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සුමුදු ප‍්‍රියංකර නමැති 31 හැවිරිදි පෙදරේරුවා පවසන්නේ තමා මින් වසරකට පමණ පෙර 2014 ඔක්තෝබර් මාසයේදී සිය ජංගම දුරකථනයෙන් වැරදීමකින් ලබාගත් අංකයකින් මෙම අනියම් සම්බන්ධය පැවැත්වූ බව කියන කාන්තාව හඳුනාගත් බවයි.ඇය මුල් අවස්ථාවේ තමාට වැරදි අංකය සම්බන්ධයෙන් බැණ වැදුණ බවත් පසුව විනෝදයට මෙන් ඇය හා කථාකරන්නට ගත් උත්සාහයන්ට ඇය යහපත් ප‍්‍රතිචාර දැක්වූ බවත් කාලයක් යනවිට ඇයත් ඔහුත් අතර දුරකථනයෙන් පෙම් සබඳතාවයක් ගොඩනැගුණ බවයි.

ඇය කුරුණෑගල පදිංචි මධුෂානි නමැති දෙදරු මවක බවත් මේ දක්වා කිසිම අවස්ථාවක ඇය දැක නැති බවත් ඔහු පවසනවා. පසුගිය දිනෙක මෙම සම්බන්ධය ගැන බිරියට සැලවුණ බවත් ඒ අවස්ථාවේ ඇතිවුණ කෝපයට බිරිය තමාගේ දුරකථනයේ සිම්පත විනාශ කළ බවත් ඔහු පවසා ඇත.

මධුෂානි සමග ඇතිකරගත් එකඟතාවයන් මත ඇයව තමා වෙත සමීප කරගන්නට නම් එයට බාධකයවූ බිරියව මරාදමන්නට තමා තීරණය කළ බවද ඔහු පොලිසියට පවසා තිබෙනවා. රුව නොදුටුවද ජංගම දුරකතනය මඟින් හඳුනාගත් කාන්තාව වෙනුවෙන් තමන්ගේ පවුල විනාශ කරන්නට ඔහු උපායක් යොදා ඇත්තේ පසුගිය බ‍්‍රහස්පතින්දාය.


ඔහු බිරියට එදින සන්ධ්‍යාවේ පවසා ඇත්තේ තමන්ගේ වැඩපළේ මහත්තයාගේ ඉල්ලීමකට කෝවිලේ පූජාවක් සඳහා මුහුදු වැලි ටිකක් රැගෙන එන්නට හදිසියේ දැන්වූ බවයි. ඒඅනුව

ලොකු දියණිය පමණක් නිවසේ සිටියදී ඇයට බාල දැරියද කැටුව තමා සමග එන්නට ඔහු ආරාධනා කර ඇති අතර ඔහු සතු යතුරු පැදියෙන් ආසන්නයේ පිහිටි කොස්ගොඩ ඉඳුරුව මහපැලෑන ප‍්‍රදේශයේ

12046757_1076141429085630_6474553367533874168_nවෙරළට ගොස් ඇත්තේ රාත‍්‍රී 10 ට පමණය.

වුන් දෙදෙනා මුහුදු වෙරළ ආසන්නයේ තිබූ ගලක් මතට නග්ගවා කථා කරමින් සිටි ඔහු එක්වරම දරුවා තමාට දෙන්නැයි කෑගසා බිරියගෙන් ඉල්ලා ඇති අතර ඇය එයට එකඟවූයේ නැති බවත් දරුවා තදින්ම අල්ලාගත් බවත් කියැවුණි.එම අවස්ථාවේ වියරු ආකාරයට හැසිරෙමින් ඔහු බිරිය හා දරුවා යන දෙදෙනාම මුහුදට තල්ලූකර දමා තිබේ.

වෙරළේ සිට මීටර තිහක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි මේ ගල මතින් ඇයත් දැරියත් කළුවරේම වැටුණ පසු ඔවුන් මියයන්නට ඇති බව සිතා ඔහු නැවත නිවස වෙත පාපැදියෙන් ගොස් තිබෙනවා.
පසුව සැකකරු නිවෙසේ සිටින හත් හැවිරිදි දියණියට රුපියල් තිස් දහසක මුදලක් අතටදී නිවෙසින් පිටව යෑමට සිතා ඇඳුම් අස්පස් කර ඇති අතර එම අවස්ථාවේ ඔහු පුදුමයට පත් කරමින් මුහුදට වැටී දිවි බේරාගත් බිරිය ත‍්‍රිරෝද රථයකින් යළි නිවෙසට පැමිණ ඇත. බිරිය යළි නිවෙසට පැමිණීමත් සමඟ තමා කළ ක‍්‍රියාවට දඬුවම් විඳින්නටවේ යැයි බියවූ සැකකාර සැමියා නිවෙසින් පළාගොස් තිබුණා. සිද්ධිය නිසා තම දැරිය අහිමිවීමෙන් කම්පනයට පත්ව සිටි කාන්තාව අසල්වාසීන්ගේ සහායෙන් රෝහල් ගත කළේ ඉන්පසුවයි.

12002073_1076141469085626_1365999058093153635_nඇය පොලිසියට ලබාදුන් කට උත්තර නිසා සැමියා කළ සැහැසි ක්‍රියාව හෙළිවූ අතර සැකකරු සොයා මෙහෙයුම් දියත් කළ පොලිසියට කයිකාවල හන්දිය අසලදී බස් රථයකින් බසිද්දී ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ සහාය මත සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වුණා.
මුහුදට වැටුණු බිලිඳු දැරියගේ මළ සිරුර දිනකට පසු මුහුදු වෙරළට ගොඩගසා තිබී සොයාගන්නා ලදි.
සිද්ධිය නිසා කම්පනයට පත් කාන්තාව දැන් සුවඅතට හැරී ඇති අතර සැකකාර සැමියා
බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

https://www.facebook.com/apearata/videos/vb.358202204287587/845389238902212/?type=2&theater

 

(gossiplankanews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *