• Fri. Feb 3rd, 2023

බීමත් පියා තම දියණියන් රත් කළ කඩුවකින් පුළුස්‌සයි – නිවසේ සිර කළ දරුවන් පොලිසියෙන් බේරාගනී.

fire firl

බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ පියකු විසින් සිය දියණියන් දෙදෙනාට පහර දී රත් කළ කඩුවකින් පුළුස්‌සා කෲර වධ හිංසා කිරීම නිසා ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත.

බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන වද හිංසාවට ලක්‌ වූ විනෝදි දර්ශනී (18) නමැති දැරිය මෙසේ සිද්ධිය විස්‌තර කළාය.

girl“සිද්ධිය වූ පසුගිය 18 වැනිදා සවස හයහමාරට පමණ තාත්තා බීමත්ව ගෙදර ඇවිත් අම්මාට පහර දුන්නා. එවිට මමත් නංගිලා දෙන්නත් අම්මාට හිරිහැර කරන්න එපා කිව්වා. නමුත් තාත්තා මටත් පහර දී පසුව ගින්නෙන් රත්කරපු කඩුවක්‌ මගේ වම් අතේ ඉහළින් තබා පිළිස්‌සුවා. මට ක්‌ලාන්තය හැදී වැටුණා. බිම වැටුණු පසුව වම් කකුලේ කලවා ප්‍රදේශයේ සිට පහළට හත් අට පොළකින් රත් වූ කඩුවෙන් පුළුස්‌සා නංගීටත් පහර දී කාමරයේ දොර වසා අපි කිසිවකුටත් ගෙයින් පිටතට යන්නට නොදී සිටියා. පසු දින උදේ 8.00 ට පමණ අම්මා දලු කැඩීමට යන බව පවසා ගෙදරින් එළියට ගොස්‌ අසල්වැසි නිවසකට සිද්ධිය කියා 119 ට දැනුම් දුන්නා. ඉන්පසු පොලිසියෙන් ඇවිත් අම්මාත් නංගිලා දෙදෙනාත් මල්ලීත් බේරාගෙන අපිව රෝහලට භාරදී තාත්තා අත්අඩංගුවට ගත්තා.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ මෙම දරුවන්ගේ මව වූ ආනන්ද නායගී නමැති අය මෙසේ කීවාය.

“හැමදාමත් අපේ ගෙදර මනුස්‌සයා බීගෙන ඇවිත් අපට හිරිහැර කරනවා. කීපවිටක්‌ පොලිසියට පැමිණිලි කර මොහුට අවවාද කරවූවා. මමත් ලොකු දුවත් කුලියට වතුවල තේ දලු කඩලා තමයි පවුල නඩත්තු කරන්නේ. බාල දියණියන් දෙදෙනා දැනට වෙලේකුඹුර විදුහලේ ඉගෙනුම ලබනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා වූ ආර්. විශ්වනාදන් (47) නමැති අය බලන්ගොඩ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු ජී. එල්. කන්නන්ගර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

policeසිද්ධිය පිළිබඳව බලන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කා.පො.ප. පාලිකා රාජපක්‍ෂ, පො.සැ. (50509) පෙරේරා, පො.සැ. (20883) වඩුගේ යන නිලධාරි මහත්ම මහත්මීහු පරීක්‍ෂණ සිදු කරති.

 

 

(දිවයින)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *