• Mon. Jan 30th, 2023

parliment

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්තී‍්‍රවරුන් 47 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවට වාර්තා වෙනවා.

එසේම සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න සහ මහින්ද සමරසිංහ යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් හිමිවීමට නියමිත අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා මැති ඇමතිවරුන්ට හිමි ආසන වෙන් කිරීම් ද සිදුකර ඇති බවට පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරනවා.

මේ අනුව ජාතික ආණ්ඩුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසකට විපක්ෂයේ පසුපෙළ ආසන වෙන්කර තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට පාර්ලිමේන්තුවේ හිමිව ඇති ආසනයට දකුණු පසින් පිහිටි ආසනය හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පා.ම. මහින්ද රාජපක්ෂ මහතාටත් ඊට දකුණු පසින් පිහිටි ආසනය හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාටත් හිමිව ඇති බවට ද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *