වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර නිලධාරින් තිදෙනා , මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මොහොමඩ් සිද්දික්ට විශේෂ වරප්‍රසාද ලබා දී ඇත්තේ රුපියල් 15000 ක සන්තෝසම් මුදලකට බව අනාවරණය වී ඇත.
අධිකරණ භුමියේ තිබූ සිරමැදිරියට මේ බන්ධනාගාර නිලධාරීන් අනවසරයෙන් ඇතුළු කළ පුද්ගලයා සිද්දික්ගේ සහෝදරයකු බවත් මේ බන්ධනාගාර නිලධාරීන්ට අදාළ සන්තෝසම මේ පුද්ගලයා මගින් ලබා දීමට කටයුතු යොදා ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයවලදී අනාවරණය වී තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් එම බන්ධනාගාර නිලධාරීන් තිදෙනාට අමතරව එම සිරමැදිරිය තුළ සිටි අනෙක් සිරකරුවන්ගෙන්ද ප්‍රශ්න කර ඇති අතර එදින අධිකරණයට රැඳවියන් රැගෙන යාමේ රාජකාරිවල යෙදී සිටි සෙසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කර ඇත.
මේ සියලු ප්‍රකාශ සටහන් කරගත් පසු සිද්ධිය පිළිබඳ අවසන් වාර්තාව සකස් කර සිද්ධියට සම්බන්ධ අයට උපරිම දඬුවම් පමුණුවන බව බන්ධනාගාර කොමසාරිස ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.