කොකා කෝලා සමාගමේ බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කාන්දුව නිසා අගෝස්තු 17 වැනිදා සිට 28 වැනිදා දක්වා දින 11ක කාලයක් කොළඹ ආශ්රිත ලක්ෂ 6ක ජනතාවක් පානය කර ඇත්තේ විෂ රසායනික මිශ්‍ර ජලය බව පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්යක්ෂ සජීව චාමිකර මහතා කියයි. නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව කියා සිටී.
එසේම මේ කාන්දුවෙන් විෂ රසායනික ලීටර 1900 ක් පමණ කැළණි ගඟට කාන්දු වී ඇති බවද එහි දැක්වේ.
කොකාකෝලා කාන්දුව ඩීසල් නෙවෙයි.
කැළණි ගඟට කාන්දුවී ඇත්තේ ඩීසල් බවට මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශකර ඇතත් ඔවුන් එසේ පවසා ඇත්තේ නිසි පරික්ෂාවකින් සනාථ කරගැනීමකින් තොරව බවද පැවසේ.
එසේම එම ඞීසල් කාන්දුවීම කර්මාන්ත ශාලාවේ නඩත්තු කටයුත්තක දී අහම්බෙන්, අත්වැරදීමකින් සිදු වූවක් බවට හුවාදක්වමින් අදාල කාරණාව විසින් එතෙක් තහනම්කර තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබාදීම සම්බන්ධයෙන්ද සජීව ප්‍රශ්නකර සිටී.
කැළණි ගඟට කාන්දුවූයේ ඩීසල් බව පැවසුනද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙම අප ජලයේ නිදර්ශක ඉන්දියාවේ පර්යේෂණායතනයකට යොමු කර පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ 4 – මෙතිලිමයිඩසෝල් (4-Methylimidazol, 4-MEI, C4H6N2&) විෂ කාබනික සංයෝගය කැළණි ගඟට කාන්දුවී ඇති බව යැයි එහි දැක්වේ.