• Sat. Jan 28th, 2023

මෛත්‍රීයේ වෙනස සමගින් ආ මානව හිමිකම් වාර්තාව – පසු විපරම

maithripala-ranilපසුගියදා නිකුත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ වාර්තාවෙන් සිදු වූවා යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට අන්තර් ජාතික විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් යෝජනා කරති. එය 1972 අප ලැබූ පූර්ණ නිදහසට ද යම් තර්ජනයක් වූවත්, එය “අළුයම ඉවත ලූ කෙළපිඩක් සේ” මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කර අත පිස දමා ගැනීමේ හැකියාවක්ද අපට නොමැත. එය තවදුරටත් රට හිරවෙන ගොම්පාට් එකකි. මේ ගමන මෙතෙක් දුර පැමිණ තිබෙන තිබෙන්නේද මහාචාර්යවරුන් පවා විදේශ අමාත්‍ය ධුර දැරූ අපේ රට පසුගිය සමයේ අනුගමනය කළ “ගොන්පාට් දේශපාලනය” නිසාය. තම පක්ෂයේ නිර්මාතෘවරුන් 1972 ව්‍යවස්ථාවෙන් උදාකර දුන් පූර්ණ නිදහසට තර්ජනයක් වන අයුරින් මානව හිමිකම කොමිෂන් වාර්තා නිකුත්කරවා ගන්නා තැනට රට පත් කිරීම ගැන පසුගිය පාලනය වගකිව යුතුය. එහෙත් වර්තමාන පාලනයට ද මේවා අපේ වැඩ නොවේය කියා ගැලවීමක් නැත.
ඌරන් හෝ කුකුලන් ඇතිකරන කෙනෙකුට අදාල සතුනට ඕනෑම දෙයක් කිරීමට ඇති අයිතිය රටක පුරවැසියන් සමන්විත රාජ්‍ය නායකයෙකුට නොමැත. 1864දී ස්කොට්ලන්ත ජාතික ‘විලියම් වොලස්’ එල්ලා මැරීමට හේතු වූයේ ය.යුද්ධයකදී වුවද පූජකයින්, කාන්තාවන්, ළමුන් වැනි අයට ප‍්‍රහාර එල්ල කිරීමට නියෝග දුන් නිසාය.

මේ නිසා චෝදනාවක් තිබේ නම් විභාගකර බැලිය යුතුමය.මානව හිමිකම් ආරක්‍ෂා කිරීම යනු බටහිර හෝ වෙනත් පිටස්තර බලවේග මඟින් හසිරවනු ලබන න්‍යාය පත‍්‍රයක් මත දිගහැරෙන සංකල්පයක් නොවේ. රටක් තම පුරවැසියන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කරමින් ජනතාව තලා පෙලා දමන්නේනම් එවැනි විටක ඒ සඳහා මැදිහත් විය හැකි බව අන්තර් ජාතික සම්මුතීන් හරහා මේ වන විට අප පිළිගෙන තිබේ.
U_N__SecretaryGeneral-visits-IDPs2.img_assist_custom2009 මැයි 19 වැනිදා යුද්ධය අවසන් වීමත් සමඟම එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කිං මූං අපේ රටට පැමිණෙන්නේ පවතින මානවවාදී ජාත්‍යන්තර බැදීම් කරනු කොට ගෙන බව පෙනේ. එහිදී අප ඔහු හා එකඟවන්නේ කුමක් සඳහාදැයි කාටත් රහසක් නොවේ. එදා ප‍්‍රධාන කාරනා තුනක් සඳහා ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන් හා එකඟතාවයකට පැමිණේ.
1. යුද්ධය අවසාන කාලයේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් හා මානවවාදී නීති උල්ලංඝණයන් සම්බන්ධව ඇති චෝදනා ගැන අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම.
2. යුද්ධයේදී අවතැන්වූ සියලූ දෙනා හැකි ඉක්මනින් නැවත පදිංචි කිරීම.
3. වාර්ගික ගැටලූවට දේශපාලන විසඳුමක් ලබාදීම.

මේ එකඟතාවයට අනුව ශී‍්‍ර ලංකාව කටයුතු කරනු ඇතැයි ජාත්‍යන්තරය විශ්වාස කරනු ලැබු අතර,එම නිසා අපට එරෙහිව එදා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්විය. ඊට ඇමරිකාවේ ද සහාය ලැබුණි.
අවසානයේ අපේ පැත්තෙන් කිසිවක් සිදු නොවන තැන බෑන් කීං මූං මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දරුස්මාන් කමිටුව පත්කරනු ලැබීය.
mahinda rajapaksa and wimal weerawansaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ 
ශී‍්‍ර ලංකා කාර්යාලය ඉදිරියට විමල් වීරවංශ ඇමතිවරයා උපවාසයක් අරඹන්නේ ඊට
එරෙහිවය. ඔහු මහින්ද රාජපක්‍ෂ රජයේ ප්‍රබල ඇමතිවරයෙකි. උපවාසයේ යෙදී සිටින විමල් වීරවංශ ඇමතිවරයාට තැබිලි වතුර පෙවීමට යන්නේ ද රාජ්‍ය නායකයා ලෙසින් සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. එමඟින් ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයකට රාජ්‍ය අනුග‍්‍රහය දෙනු ලබා දෙන්නේයය.සියල්ල කණපිට හැරෙන්නෙ මෙතැන් සිටය. එදා සිට අද දක්වාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට විමල් වීරවංශගේ ලණුවලින් අඩුවක් නැත. ඔහු එය පී‍්‍රතියෙන් බුක්ති විදිමින් සිටින බවපැහැදිලිය. ඒ සම්බන්ධයෙන් අපට කළහැකි දෙයක් නොමැත. එහෙත් අද මුළු රටටම මේ ලණුවල විපාක විඳීමට නම් සිදු වී තිබේ.

අද මොනවා කීවත් එදා එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා තානාපති ආචාර්ය දයාන් 
ජයතිලක මේ සම්බන්ධයෙන් නිවැරදි තැනක සිටි රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියෙකි.Dayan Jayatillaka

“ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ වැරදි සහගත කි‍්‍රයාකලාපය හා දුර්වලකම් නිසා රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය කෙළසා ඇති බව නිගමනය කල හැකිය.” (22/3/2013 ලංකාදීප -ආචාර්ය දයාන් ජයතිලක)

“අවතැන් වූවන් සම්බන්ධයෙන් සංවේදී හා මානවවාදී නොවූ ආකාරයට සැලකීම වැනි දේවල්වලින් සිදු වන්නේ ලංකාවට විරුද්ධව සිදුවන ප‍්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින බලවේගවලට අවශ්‍ය ආයුධ සැපයීමය.” (10. 2. 2013 රාවය – ආචාර්ය දයාන් ජයතිලක )

අද දයාන් ජයතිලකලාට ද මේවා ගැන වගේ වගක් නැත. එදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලිඛිතවම විවිධ පොරොන්දු දුන්නේද මේ ආචාර්ය දයාන් ජයතිලකමය.

එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කි‍්‍රයා කලාපය මහින්දගේ 
ආණ්ඩුවේ සමහරු දුටුවේ එම ආණ්ඩුවට එරෙහිව සිදුවන අධිරාජ්‍යවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ලෙසන්. ඔවුන් වත්මන් මෛතී‍්‍ර – රනිල් පාලනය දකින්නේද අධිරාජ්‍යය වාදීන්ගේ සුරතල් ආණ්ඩුවක් ලෙසිනි. එසේනම් මෛතී‍්‍ර – රනිල් රජය බලයටපත් වූ විගස මෙවන් වාර්තාවක් නිකුත්වන්නේ මන්ද.? තම සුරතලූන් වෙනුවෙන් එය හකුලා ගැන මේ අධිරාජ්‍යවාදීන් කල්පනා නොකලේ මන්ද.? මෙය එවැන්නක් නොවන බව දැන් පැහැදිලිය.
එදා ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ යෝජනාවට 
පක්ෂව ලතින් ඇමරිකාවේ හා අපි‍්‍රකාවේ අධිරාජ්‍ය විරෝධී වාමාංශික රටවල් පවා ඡන්දය දුන්නේ මන්දැයි ඩියු ගුණසේකර වැනි වාමාංශික නායකයන් පසුගිය රජයට පෙන්වාදුන්නා අපට මතකය. එහෙත් එ්වා පිළිගැනීමට කිසිවෙක් සිටියේ නැත.

hc_Al_Hussein_smllඅධිරාජ්‍යවාදී නිලමැස්සා වුවද වහන්නෙ කැත කුණු තිබෙන තැනකටය. ඌ ලිබියාවට, මිසරයට, ලිතුවේනියාවට වැහුවේ ඒ අනුවයි. ඒ නිලමැස්සාට ඉරානයට වැහීමට නොහැකි වූයේ එ තැන අරතැන්වලට වඩා හොඳින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හායහපාලනය රැකුන නිසාය. ඉරානයේ හිටපු ජනාධිපතිවරයා (අහමදි නේජාඞ්) ජනාධිපතිවරණයෙන් පැරදී නිවසට ගියේ නිර්දනයකු විලනි. බස්රියකින්. මේ යථාර්ථය තේරුම් නොගෙන හැම හත්තිලව්වටම අධිරාජ්‍යවාදය හා දේශපේ‍්‍රමය ඇදගැනීම නිසා අප අද ජාත්‍යන්තරය හමුවේ හිරවී සිටී. දැන්වත් මේ යථාර්ථය තේරුම් ගතයුතුය. එසේ තේරුම් ගැනීමෙන් තොරව ගොඩ එ්මක් නම් කාටවත් නොමැත. අවසානේ මේවායෙන් පීඩාවිඳින්නෝ අපේ දූ දරුවෝ වෙති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වත්මන් යෝජනාව සැර වුවද යකා හිතන තරම් කළු නැත. ඊට හේතුව රටේ සිදු වී ඇති ”ආණ්ඩු වෙනස” හා එම වෙනසට පසුව ඇති වී තිබෙන ප‍්‍රජාතන්තී‍්‍රය වෙනස්කම් කෙරෙහිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු වී තිබීමය. මේ නිසා පුද්ගලයන් නම්කර ඉදිරිපත් කිරීමට තිබූ වාර්තාව එසේ නොවන තැනට වෙනස් වී තිබේ. එසේම සමහර චෝදනා ඉලක්ක කර ඍජුව ඉදිරිපත්කර ඇති ආකාරයක්ද නොපෙනේ.මෙහි සඳහන් වන්නේ මෙන්න මේ දේවල් සිදුවී තිබෙනවා. එ්වා සම්බන්ධයෙන් විධිමත් යාන්ත‍්‍රණයක් මඟින් සොයාබලන ලෙසය. එම යාන්ත‍්‍රණය ලෙසින් යෝජනා කරන්නේ දේශීය හා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙමුහුන් විනිසුරුවරු මඩුල්ලකි.

05

 සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයාබලන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ද සිය මැතිවරණ ප‍්‍රකාශනයෙන්ම ජනතාවට පොරොන්දුවක් ලබාදුනි. ඒ අනුව ජනතාවගේ අනුමැතිය ලැබී තිබෙන්නේ එවන් දේශීය යාන්ත්‍රණයකටය. තවමත් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන්නේ යෝජනාවක් පමණි. මීට වලංගු භාවයක් ලැබෙන්නේ මේ දිනවල රැස්වන එක්සත් ජාතිඟේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම අදාල යෝජනාව අනුමත කිරීමෙන් පසුවය.වත්මන් යෝජනාව මේ ආකායෙන්ම අනුමත වුවහොත් නම් ප‍්‍රශ්නයකි.එහෙත් මීට අදාල සැරබාල යෝජනාවක් ඇමරිකාව මඟින් මේ වනවිටත් කෙටුම්පත් කර අවසානය. එම කෙටුම්පතට අනුව ඇමරිකානු ස්ථාවරය අංශක 180ක් ආපස්සට කැරකී තිබෙන බව පෙනේ. එනම් ශී‍්‍ර ලංකාවට වාසිදායක අයුරිනි. නැතිනම් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනයන්ගේ ජයග‍්‍රහණයක් ලෙසිනි. එනම් දේශීය යාන්ත‍්‍රණයක් මඟින් අදාල විමර්ශනය සිදු කිරීමට ශී‍්‍ර ලංකාවට ඉඩ ලබාදීමය. එය රටක් වශයෙන් අප ලබන දැවැන්ත ජයග‍්‍රහණයකි. මේ සිල්ලටම වඩා දේශීය යාන්ත්‍රරණයක් පිළිබඳ ඉන්දියාවේ දැඩි ස්ථාවරය අපට ප‍්‍රබල වාසියකි. මේ වනවිට ඇමරිකාව, ඉන්දියාව, රුසියාව හා චීනය යන ප‍්‍රබල රටවල් අපේ සහායට ඉදිරිපත්ව සිටී. පසුගිය සිව්වසර තුළ ජාත්‍යන්තරයට බොරු කියමින් රට අමාරුවේ දැමූ උදවිය දැන්වත් රට ගිනි තැබීමෙන් තොරව නිහඬව සිටීම වුවද මේ මොහොතේ ඉටුකරන ලබන මහඟු උපකාරයක් වනු ඇත.

– වසන්ත ප්‍රියරාමනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *