කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතල ලංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ඉදිරි පියවර ගනු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
එසේම අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ දර්ශන සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව වෙනම චෝදනා ගොනු කිරීමේ හැකියාවක් ඇති බවද ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සිසුවා වෙනත් නඩුවකට පැටලවීමේ සූදානමක.
මේ අතර සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිකුල් සහගත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ මව කියා සිටියේ දරුවාට සිදුවූ මෙම අපහාසයට වන්දියක් ලබාදිය යුතු බවයි.