• Thu. Feb 2nd, 2023

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය හොර ගුහාවක් – සාක්ෂි සහිතව මෙන්න

russion embasy sri lanka

වෛද්‍ය උපාධිය සඳහා රුපියල් අසූපන් ලක්‍ෂයක්‌ පමණ අය කරන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආන්දෝලනයට තුඩු දී ඇත්තේ එය ආරම්භ කෙරුණු අවදියේ සිටය.රුසියාවේ ‘Nizhny Novgorod State Medical Academy‘ යට අනුබද්ධිත යැයි පවසමින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිව් අවුරුද්දක් සහ රුසියාවේ “Nizhny Novgorod” රාජ්‍ය ඇකඩමියේ අවසන් වසර නිමවූ පසු එම රාජ්‍ය ආයතනයේ උපාධිය ලබා දෙන බව පවසමින් ශිෂ්‍යයන් බඳවා ගන්නා ඔවුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ දැන්වීම් පළ කරන්නේ සිසුන් මුලා කරමිනි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගැනීමට මූලික වශයෙන් ලංකා බැංකුවේ ණය සහන ලබා දෙන්නේද, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුසියාවේ”Nizhny Novgorod” රාජ්‍ය ඇකඩමියට අනුබද්ධිත යැයි ඔවුන් පවසන නිසාය.

එමෙන්ම මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ රුසියාවේ ජාතික නිල පිළිගැනීමේ ආයතනය (National Accreditation Agency of the Russian Federation (NAA) ) විසින් එවනු ලැබූ ලිපියක සඳහන් වන්නේද, රුසියාවේ “Nizhny Novgorod” රාජ්‍ය ඇකඩමියෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා වෙනත් කිසිඳු රටකට අනුමැතියක් හෝ එහි ශාඛාවක් පිහිටුවීමට අවසර ලබා දී නොමැති බවයි.
ඒ බව දැක්වෙන ලිපිය පහතින්, NAA letter ok

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත වෛද්‍ය උපාධියක් ලබා දීම සඳහා කිසිඳු ආකාරයක අනුමැතියක් එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ලබා දී නොමැති බව
එවකට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ද දැනුම් දී තිබෙනවා.
ඒ පිළිබඳ ලිපිය පහතින්,maithripala sirisena letter
එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් දැඩි විරෝධතාවයක් එල්ල කර සිටියදී පවා පසුගිය රජයේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක අමාත්‍යවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තීරණයක් නිසා මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ඔවුන් විසින් පිළිගනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා මෙන්ම ඔහුගේ උපදේශකයෙකුද වන ශ්‍රී-ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයාගේ බිරිඳ මෙම ආයතනයත් සමඟ ඇති සම්බන්දය හේතුවෙනි.

එමෙන්ම එවකට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි උදයංග වීරතුංග මහතා විසින් එවනු ලැබූ ලිපියක සඳහන් වන්නේ, ඔහු මේ පිළිබඳව රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, “Nizhny Novgorod” රාජ්‍ය ඇකඩමියට ශ්‍රී ලංකාව හෝ වෙනත් කිසිඳු රටක එම සරසවියේ ශාඛාවක් දැමීමේ කිසිඳු අවසරයක් ලබා දී නොමැති බවයි.
එය පිළිබඳ ලිපිය පහතින් දැක්වෙනවා.udayanga letter

මේ සියලු කරුණු මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ හෝ රුසියානු රජය විසින් කිසිඳු අවසරයක් ලබා දී නොමැතිව රුසියානු රජයට අනුබද්ධ රාජ්‍ය ඇකඩමියක උපාධියක් ලබා දෙනවා යැයි සිසුන් මුලා කරමින් නීතිවිරෝධීව පවත්වාගෙන යන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් නිකුත් කරනු ලැබූ සහතික පත්‍ර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් නිර්දේශ කර තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දූෂිත නිලධාරීන්ගේ කැරැට්ටුව මොනවට පෙන්නුම් කරමිනි.
Russian Embassy Certified

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මේ ආකාරයෙන් කරුණු සහිතව හෙළිදරව් වී ඇති නීතිවිරෝධී වෛද්‍ය විද්‍යාලයක් විසින් නිකුත් කරනු ලැබූ සහතික රුසියානු තානාපති කාර්යාලයෙන් සහතික කරනු ලබන්නේ  කවර පදනමකින්දැයි අප ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ මෙය දෙරටේ සහයෝගීත්වයටද එක් කරනු ලබන කලු පැල්ලමක් නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *