ඊයේ (25) පනාගොඩ ප්‍රදේශයේ දී කවිඳු දේවින්ද කපුරුගේ නමැති දස හැවිරිදි දරුවා අමානුශික ලෙස කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු හඳුනා ගැනීමට පොලීසියට හැකිව ඇතැයි වාර්තා වේ.
අත් පා සහ හිස වෙන් වී යන ලෙස කෲර අන්දමින් මෙම ළමා ඝාතනය සිදු කර තිබූ අතර කපුරුගොඩ ප්‍රදේශයේ ගල්වළක පිහිටි මුරකුටියක තිබී දරුවාගේ කැබලි කළ සිරුර හමු වී ඇත.
කවිඳු, පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකු වූ අතර කවිඳුගේ පියා ගල්වළක සේවය කරන කම්කරුවෙකි.
කවිඳුගේ පියාගේ බාල සොහොයුරාට අයත් ගල්වළක මුරකරු නවාතැන් ගෙන සිටි කුටියේ තිබී සිරුරු කොටස් හමුව ඇති අතර මෙම ගල්වළේ මුරකරු ලෙස සේවය කරමින් සිටි පෙරේරා නමැති පුද්ගලයා අතුරුදන්ව ඇති හෙයින් ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම ඝාතනය කුමන හේතුවක් නිසා සිදු කළේද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර ඊයේ පෙරවරු 10 ත් 11 ත් අතර කාලසීමාවේදී මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
කවිඳුගේ සිරුරෙන් අත් පා සහ හිස වෙන් වී යන අන්දමින් කපා හිසටද මන්නා පිහි පහරක් එල්ල කර බරපතළ තුවාල සිදු කර තිබූ බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.
කවිඳුගේ මළ සිරුර අසල තිබී ඝාතනයට යොදාගත් මන්නා පිහිය ද සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ ද පරීක්ෂණ සිදුකෙරෙන බව පොලීසිය පවසා තිබේ.
මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැකකරන ගල්වළේ මුරකරු සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ඊයේ 25 දා දහවල් ක්‍රියාත්මක කළහ.
එමෙන්ම සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටි අයකු බවද හෙළිවී තිබේ.