• Thu. Feb 2nd, 2023

සේයා ඝාතනයේ 'කොණ්ඩයාට' මානසික රෝගයක් නැහැ

seya sadamini konnadaya

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට මානසික ව්‍යාධියක් නැතැයි වෛද්‍ය පරීක්‍ෂණයකින් ප‍‍්‍රකාශ වී තිබෙනවා.

පොලිස් ආරංචි පැවසුවේ මීගමුව දිසා රෝහලේදී ඊයේ (25) මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදු කෙරුණු බවයි කෙසේ වෙතත් වැඩිදුර පරීක්‍ෂණ සදහා අදාළ සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (26) ඉදිරිපත් කෙරෙන බවද පොලිස් ආරංචි වැඩිදුරටත් කියා සිටියා සේයා සදෙව්මි දැරිය ඉකුත් 11 වනදා රාත්‍රී අතුරුදන් වු අතර ඇගේ සිරුර සොයා ගැනුණේ ඉකුත් 13 වනදා නිවස අසල ඇළ ඉවුරක තිබියදීයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 33 හැවිරිදි පුද්ගලයෙකු මුලින් අත්අඩංගුවට ගැණුනා.

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගැණුනේ ගම්පහ බෙම්මුල්ල ප‍‍්‍රදේශයේදී පෙරේදා අලූයමයි පසුව ඔහු විසින් පාපොච්චාරණයක්ද කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *