• Mon. Jan 30th, 2023

ආණ්ඩුවේ සාක්ෂිකාරයෙක් වෙන්න යන සජින් වාස්ගේ හෙළි නොවූ කරුණු.

sajin vassදැනට අධිකරණයෙන් ඇප ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහින්ද රාජපක්ෂගේ රහස්‍ය මූල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න හරහා මහින්ද රාජපක්ෂ මහතා 2002 වසරේ හඳුනාගත් තැන් සිට 2014 අග දක්වා කරන කියන ලද සියලු දේ ගිරවෙකු ලෙස සිඅයිඩී යට වමාරා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
එම නිසා මේ වන විට සජින් වාස් සමග ඩීල් දැමූ හා ගේම් ගැසූ සියළුම පුද්ගලයන් අන්දමන්ද වී සිටින බවටයි වාර්තා වෙන්නේ.
ඔවුන් සියලුදෙනාට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස සජින් වාස් ගුණවර්ධන උපයෝගී කර ගැනීමට රජය මේ වන විට තීරණය කොට තිබෙන බවටත් එම තොරතුරු වැඩිදුරටත් වාර්තා කරනවා.
පසුගිය දිනවල මැතිවරණ වේදීකාවල කෑ ගසා මේ වනවිට නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින සජින් වාස් වැන්නකුට ප්‍රබල සාක්ෂි තිබියදී ඒ සියල්ල යට ගසමින් ඉතා සුලු මූල්‍ය අපරාධයකට ඔහු සිරගත කර ඒ සියල්ල යටපත් කිරීමට වත්මන් රජය උත්සහ ගනිමින් සිටින බවටයි ජනතාව චෝදනා කරන්නේ.

සජින් වාස් ඔහු මිළයට ගෙන තිබෙන එක් හෙලිකොප්ටරයක් සමග ( ඔහුගේම ඉඩමේදී)

4

සජින් වාස් මිළයට ගෙන තිබෙන තවත් හෙලිකොප්ටරයක් (ඔහුගේ නම සටහන් කොට ඇත. ඔහුගේම ඉඩමේදී)5

 

සජින් වාස් ලඟ තබාගෙන සිටි අලි පැටවා ඔහුගේ අම්බලන්ගොඩ නිවසේදී 
(බිරිඳ අසල සිටී )5

8 12

සජින් වාස්ගේ මෙතෙක් හෙළි නොවුනු විස්තර හෙළි කරමින් ප්‍රබල ඡායාරූප කිහිපයක් අප මෙසේ ජනතාගත කරන්නේ, ජනතාවගේ මුදල් හොරා කෑ සියලුදෙනාවම අත්ඩංගුවට ගෙන, හොර කෑ සියලු ධනය යළි එම ජනතාවටම අත්පත්කර දිය යුතුයි යන්න වත්මන් යහපාලන ආණ්ඩුවට පෙන්වා දීමටය.
එසේ නොකරන්නේ නම් මෙම සොරුන්ව ආරක්ෂා කරන වත්මන් ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන් මොවුන් සමග සිදු කර ඇති මෙගා ඩිල්වල සියලු දේවල් සාක්ෂි සහිතව හෙළි කිරීමට ‘අපේ රට‘ වෙබ් අඩවිය සූදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *