ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත පවත්වාගෙන ගිය රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් අවි සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අවසන්ව එකී වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිගමනයක් ලබාදීමට නීතිපතිවරයා අසමත්වී ඇති බව ඊයේ (28) රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියට වාර්තා කර තිබෙන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
රක්නා ලංකා සමාගමට අයත් අවි ගබඩාවක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන ගිය අතර එම අවි වල නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් පිරීක්සීමට රහස් පොලීසිය විසින් විශේෂ විමර්ශනයක්ද දියත් කළේය. ඒ අනුව එහි වාර්තාව පසුගිය අප්‍රේල් 20 වන දින නීතිපතිවරයා වෙත භාරදුන් අතර එමගින් නීතිපතිවරයාගේ උපදෙස් බලාපොරොත්තු විය.
එසේම රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව බාරයේ තිබූ අවි නැතිවීමක් ගැන කෝට්ටේ මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ගමගේ දයාරත්න කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ ඇරඹූ බවද රහස් පොලිසිය උසාවියට දැන්වීය.
කෙසේ නමුත් අදාළ වාර්තාවන් සම්බන්ධයෙන් නිශ්චය කිරීමට හා යළි මේ සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් මස 16 වන දින කැදවීමට මහේස්ත්‍රාත්වරයා කල් තැබීය.