• Thu. Feb 2nd, 2023

maithripala sirisenaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකි මූන් මහතාගේ නිල දිවා භෝජන සංග්‍රහයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙන්වූ අසුන තිබුණේ ලෝක බලවතුන්ගේ මේසයේ බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඇමරිකානු ජනපති බැරක් ඔබාමා හා රුසියානු ජනපති වැලැදිමියර් පුටිං ද, ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝඩි මෙන්ම ජොර්දානයේ රජු දෙවෙනි බින් අල් හුසේන් අබ්දුල්ලා ද, අසුන්ගෙන ඇත්තේ මේ මේසයේය.මේ දිවා භොජන සංග්‍රහය ඇමරිකාවේ නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී පවත්වා තිබෙන බවත් වාර්තා වෙනවා.
04
05
             ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ශී‍්‍ර ලංකා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ
ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පැසසුමට.

01


ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදුකරනු ලබන කැපවීම සහ ඒ වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ පැසසුමට ලක් වෙයි. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවන අතරතුර ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා අතර පැවති හමුවකදී අමරිකානු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාවේ සිදුවූ වෙනස්කම් පිළිබද තමා මහත් සතුටට පත්වන බවද ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ඉදිරියේදී රටේ සංහිදියාව ගොඩනැගීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා යුද්ධයක් අවසන් වූ පසු රට තුළ එය සිදුවිය යුතු බව තමා දැඩිලෙස විශ්වාස කරන බවද ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකාවේ දුගී බව තුරන් කිරීමට ඇමරිකාවේ සහාය අපේක්ෂා කරන බවට ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ඇමරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඒ සදහා සිය රජයේ පූර්ණ සහය ශී‍්‍ර ලංකාවට ලබාදෙන බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම සහ කොමිෂන් සභා පිහිටුවීම තුළින් අපේක්ෂා කරන්නේ ශී‍්‍ර ලංකාව තුළ යහපාලන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම බවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී පැවසූ අතර ශී‍්‍ර ලංකාව නිවැරදි සංවර්ධන මාවතකට ගෙන යන බවද ප‍්‍රකාශ කළේය.

03එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතා ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද ලෝක නායකයින්ගේ ප‍්‍රසාදයට පත්වූ රාජ්‍ය නායකයෙක් බවත් ඒ අන් කිසිවක් නිසා නොව එතුමා රට නිවැරදි දිශාවකට ගමන් කරවන රාජ්‍ය නායකයෙක් නිසා බවත් ය. ඒ සදහා ශී‍්‍ර ලංකා රජයට සහ ජනාධිපතිවරයාට තම ආශිර්වාදය හිමිවන බව ද මහලේකම්වරයා අවධාරණය කළේය.
දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් යේ මහත්මිය සහ ජනාධිපතිතුමා අතර හමුවක්ද සැසිවාරය අතරතුර පැවති අතර එහිදී දකුණු කොරියාවේ සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ අතර ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකා රජයට ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් ඉහළ ප‍්‍රතිචාර හිමි විය.

ශී‍්‍ර ලංකාවේ විශාල පාරිසරික ගැටලූවක් බවට පත්ව ඇති කැළි කසළ ප‍්‍රශ්නයට විසදුම් සෙවීමට සහයවන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට තම රජය කටයුතු කරන බව දකුණු කොරියානු ජනාධිපතිනිය පැවසුවාය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නවසිලන්ත අගමැති ජෝන් කී මහතා අතර හමුවක්ද ඉන් අනතුරුව පැවැත්විණි.
නවසිලන්ත ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශී‍්‍ර ලංකාවට යොමු කිරීමට අපේක්ෂා කරන බව පැවසූ නවසිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දෙරටේ ද්වි පාර්ශවිය සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදවද ජනාධිපතිතුමා සමග සාකච්ඡුා කළේය.
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය හෙට (30) ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඇමතීමට නියමිතය.
70 වන වසර සපුරන එක්සත් ජාතින්ගේ සාමය,ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබද ඉදිරි මග, යන තේමාව යටතේ ප‍්‍රධාන සැසිය පැවැත්වෙන අතර ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට රාති‍්‍ර 7.30 – 8.30 අතර ජනාධිපතිතුමා සිය දේශනය සිදු කරනු ඇත.

 


02

 

maithri with world leaders 2 my3 with world leaders 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *