දරුවන්ට වන ලිංගික හිංසනයන් දැක දෙවියන් වහන්සේ පවා කඳුළු සලන බවත්, මෙම හිංසා පීඩාවලින් දරුවන් මුදාගැනීමට සියලුම දෙනා එක්විය යුතු බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කර සිටිති.ළමා ප්‍රජාව ආරක්ෂා කරලීම සඳහා විධිමත් වැඩසටහනක අවශ්‍යතාව මතුව ඇති බවද නිව්යෝර්ක් නුවර පැවැති හමුවකදී පාප් වහන්සේ සඳහන් කර ඇත.
වැඩිහිටියන් අතින් දරුවන් ලිංගිකව හිංසනයට ලක්වීම බරපතළ ගැටලුවක් වන බවද පාප් වහන්සේ එහිදී පැවැසීය.ඇතැම් කතෝලික පූජකවරුන් අතින් පවා මෙවැනි අකටයුතුකම් සිදුවීම කනගාටුවට කරුණක් වන බවත් ඒ සම්බන්ධව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවත් පාප් වහන්සේ මෙහිදී පවසා ඇත.තවදුරටත් කොමිෂන් සභා පත් කරමින් සිටිනවාට වඩා සෘජුව මෙවැනි වැරදිවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් පාප් වහන්සේ පැවැසීය.
